මුල් පිටුව


අප අමතන්න


දුරකථන නාමාවලිය


වෙබ් අඩවි සිතියම


 
  ‍ඉතිහාසය
  අමාත්‍යාංශය
  සංවිධාන ව්‍යුහය
  නිලධාරි මණ්ඩලය
  බන්ධනාගාර ආයතන
  ‍පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානය
  දැක්ම,මෙහෙවර,ඉලක්ක
  ‍බන්ධනාගාර ලාංඡනය සහ ආදර්ශ පාඨය
  ‍බන්ධනාගාර ගීතය
  නීති හා රෙගුලාසි
‍බඳවාගැනීම්
  ‍ස්ථාන මාරුවීම්
  ‍විභාග සහ ප්‍රතිළුල
  ‍චක්‍රලේඛ
  ‍ටෙන්ඩර් දැන්වීම්
  සංඛ්‍යාලේඛන තොරතුරු
  ‍ප්‍රකාශන සහ වාර්තා
  ‍නිවාඩු නිකේතන
ආශ්‍රීත සංවිධාන
 
 
 
  www.gov.lk
 
 
 

 

ඉතිහාසය

 

1802
එදා පැවැති දඬුවම් පැනවීමේ මිලේච්ඡ ක්‍රම තහනම් කරන ලද අතර ශ්‍රී පෙඩ්‍රික් නොර්ත් ගේ රජය මගින් එල්ලා මැරීමේ ක්‍රමය හඳුන්වා දෙන ලදී.
1812
1812 පෙබරවාරි 10 වන දින බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථම වරට බ්‍රිතාන්‍ය රජයට එරෙහි වීම හේතුවෙන් එල්ලුම් ගසේ එල්ලා මැරීමට මරණීය දණ්ඩනය නියම කරන ලදී.
1818
කැරැල්ලෙන් අනතුරුව ඇහැලේපොල අධිකාරම් ඇතුළු පනස් තුන් දෙනෙක් බ්‍රිතාන්‍යයන් විසින්, ඇහැලේපොල අධිකාරම්ගේ නිවසෙහි රඳවා තබනු ලැබිය. එය දැන් මහනුවර රක්ෂිත බන්ධනාගාරය යනුවෙන් හැඳින් වේ.
1844
1844 අංක 18 දරණ බන්ධනාගාර පනතේ යහපත් නියාමනය උදෙසා අඥා පනත යන හිසින්  ප්‍රථම බන්ධනාගාර ආඥා පනත පැණවිනි. වැලිකඩ බන්ධනාගාරය පිහිටුවීම.
1853
1853 අංක 02 දරණ පොදු වැඩ පනත මත සේවයේ යෙදෙවෙන වරදකරුවන්ගේ සුරක්ෂිත  රැකවරණය උදෙසා ආඥා පනතක් පැනවීම.
1866

1844 අංක 18 දරණ ආඥා පනතේ 31 වැනි ඛණ්ඩයේ 9 සහ 10 වැනි උප කාණ්ඩ සංශෝධන කිරීමේ අඥා පනතකි.1866 ආදායම් පනතේ 70 සහ 71 වැනි කාණ්ඩ 1866 අංක 20 දරණ පනත පැනවීම.

1867

1867 අංක 01 දරණ ප්‍රථම බන්ධනාගාර කොමිෂන් සභාව බන්ධනාගාර විනය කොමිෂන් සභාව පිහිටුවීම. කද උසුලාගෙන යාම දඩුවමක් ලෙස පැනැවිණි.

1869

වැලිකඩ සහ අළුත් කඩේ බන්ධනාගාර මධ්‍යම සිරකරු ආයතන ලෙස පරිවර්තනය කිරීම සහ 1869 අංක 16 දරණ බස්නාහිර පළාත් ආදායම් පනත වෙත පැවරි ඇති ඇතැම් බලතල එහි අධිකාරි වෙත පැවැරීම උදෙසා ආඥා පනතක් පැනවීම.

1869 අංක 16 දරණ බන්ධනාගාර ආඥා පනත පැනවීම, බන්ධනාගාර ඉන්ස්පෙක්ටර් ජනරාල් පාලනය යටතේ බන්ධනාගාර නිල ඇදුම් පද්ධතියක් ඇති කිරීම.

1869 11 වැනි බන්ධනාගාර විනය කොමිෂන් සභාව පිහිටුවීම, නියාමක පැවැත්ම සඳහා ලකුණු දීමේ සහ බන්ධනාගාර ගත කිරීමේ සහ කාලය ලිහිල් කිරීමේ ක්‍රමය ආරම්භ කිරීම.

1875
මහර බන්ධනාගාරය පිහිටුවීම
1876
බෝගම්බර බන්ධනාගාරය පිහිටුවීම
1877-1805

දිවයිනේ සියලු බන්ධනාගාර වල අධීක්ෂණය සහ පාලනය බන්ධනාගාර ඉන්ස්පෙක්ටර් ජනරාල් වෙත පැවරිණි.

ආරම්භයේදි බන්ධනාගාර ඉන්ස්පෙක්ටර් ජනරාල් තනතුර පොලිස් ඉන්ස්පෙක්ටර් ජනරාල් විසින් හෙබවිය.

ඒ වන විට එම නිල දෙකම හෙබවු මේජර් විල්ටන් බන්ධනාගාර ඉන්ස්පෙක්ටර් ජනරාල් ලෙස පත් කළ අතර තවද ඔහුට වැලිකඩ, මෝදර හා අළුත්කඩේ බන්ධනාගාරවල අධිකාරි ලෙස පත් කරන ලදී.

1883
මරණීය දඞුවම ක්‍රියාත්මක කෙරෙන අවස්ථාවේ සිරකරුවන් රැඳි සිටින බන්ධනාගාරය තුල ක්‍රියාත්මක කෙරෙන උපනිවේශ මරණ දඞුවම සඳහා පොදු දණ්ඩ නීති සංග්‍රහයක් සැපයිම උදෙසා ආඥා පනතක් පැනවීම. (1883 අංක 3 දරණ ආඥා පනත)
1885
කැම්බල් උද්‍යානය - කැම්ප්බෙල් මහතාගේ ඉල්ලීම පරිදි පොදු විනෝද ක්‍රීඩා සමාජයක් සඳහා වැලිකඩ අසල අක්කර 20 ක් රජයෙන් ලැබිණි. මෙය සැකසුම් කාර්යය සඳහා සිරකරුවෝ යොදවනු ලැබුහ.
1900
මහර ගල්වලෙහි සිරකරු කෝලාහලයක් ඇතිවිය. සිංහල කාර්යය මණ්ඩලය මුළුමනින්ම ඉවත් කර මැලේ කාර්යය මණ්ඩලයක් යෙදවිණි.
1905
ජුලි 16 වැනි දින බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුවෙන් වෙන් කර ස්වාධීන ආයතනයක් ලෙස පිහිටුවන ලැබුණි.
1911
වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ යන්ත්‍රෝපකරණ රජයේ මුද්‍රණාලයට භාර දුන් අතර මුද්‍රණාලයේ වැඩ සඳහා දිනපතා සිරකරුවෝ 200 ක් යොදවනු ලැබීය.
1918-1920

ආයතන අනුව වර්ග කිරීමේ මණ්ඩල ක්‍රමයක් හඳුන්වාදීම. පළමු වරදකරුවෝ, බාලවයස්කරුවෝ කාන්තාවෝ සහ නැවත වරද කරුවන් වු සිරකරුවෝ වෙන් වශයෙන් රඳවනු ලැබුහ. එසේම, කෙටිකාලීන සහ දිගු කාලීන පළමු වරදකරුවෝද තරු පන්ති සිරකරුවෝ සහ නැවත වරදකරු වූ වඩා හොඳ ගණයේ සිරකරුවෝද නැවත වර්ග කරනු ලැබු විශාල සිරගෙවල විවිධ අංශ වල රඳවනු ලැබුහ.

1920-1925
වැලිකඩ සහ බෝගම්බර බන්ධාගාරයන්හි මහා පරිමාණ කර්මාන්ත ද සෙසු ආයතනයන්හි කුඩා පරිමාණ කර්මාන්ත ද පිහිටුවීම, කොළඹ ආරෝග්‍යශාලා වල ලිනන් රෙදි කැබලි දහස් ගණනක්ද සිරකරු රෙදි පිළි ද සෝදා පවිත්‍ර කළ හැකි සම්පුර්ණ වාෂ්ප පිළි දෙවුම් හලක් වැලිකඩ ආරම්භ කිරීම. මෙකී සේවය රජයේ සියලු දෙපාර්තමේන්තුවලට සැපයීමට කටයුතු ඇරඹිණි.
1922
අන්දමන් දූපත් හි වරදකරු ජනපද වසා දමා ජිවිතාන්ත සිරදඬුවම් විඳින 62 ක් පෙරළා ලංකාවට එවනු ලැබුහ. සිර සමා වරප්‍රසාද සහිතව සිර දඬුවම බරපතල වැඩ සහිත විසි වසර දක්වා අඩු කෙරිණි.
ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ පෙබරවාරි 22 දින ,ජිවිතාන්ත සිර දඩුවම් ලද්දවුවන්ට අඩු 20 දක්වා දඩුවම් කාලය ලිහිල් කෙරිණි.
1923
දෙපාර්තමේන්තුවේ උපකාරක කාර්යය මණ්ඩලයේ යහපත උදෙසා සහ සකසුරුවම් ක්‍රම ප්‍රගුණ කිරීමේ සහ අසනීපයක් හෝ ආපදාවක් වෙනුවෙන් සාමාජිකයනට ණය දී සහන සැලසීමෙන් ඔවුන් සහ ඔවුන්ගේ වැන්ඳඹුවන් සහ අනිත් දරුවන් සඳහා විධිවිධාන සැලැස්වීමේ අටියෙන් 1923 ජූලි 01 වැනිදා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අන්‍යෝන්‍ය අර්ථ සාධක අරමුදල පිහිටුවීම.
1926
තරුණ වරදකරුවන් පුහුණු කිරිමේහිලා බාලදක්ෂ මූලධර්ම උපයෝගි කරගැනීම හඳුන්වා දෙන ලද අතර, වැලිකඩ බන්ධනාගාර හට කණ්ඩායම ලොව ප්‍රථම භට කණ්ඩායම ලෙස රාජකීය බාලදක්ෂ මූලස්ථානය විසින් ලියාපදිංචි කරනු ලැබීය.
1931
1931 බන්ධනාගාර පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සහ 1932 සැසි වාර්තා 1(ගාවින් කොමිෂන් වාර්තා) සකස් කිරීම.
1932
1932 සැසි වාර්තා XVII - 1932 බන්ධනාගාර කර්මාන්ත පිළිබඳ ප්‍රශ්නය සලකා බැලීම පිණිස පත් කැරුණු කමිටුවේ වාර්තාව සකස් කිරීම.

මැගසින් බන්ධනාගාරය පිහිටුවීම.
1933-1936

මධ්‍ය සහ සුවිශේෂ ශ්‍රේණි වලට කෙලින්ම බඳවා ගැනීම ඇරුඹිණි. ප්‍රාදේශිය නිරික්ෂක කමිටු ක්‍රමය හඳුන්වා දෙනු ලැබීම. සිරකරු පැමිණිලි විභාග කිරීම සඳහා දැඩි විධිවිධාන සැලැස්වීම.

සිරෙන් පලායෑම, බන්ධනාගාර නිලධාරින්ගේ පහර දීම් වැනි බන්ධනාගාර වැරදි මාලාවක් දිස්ත්‍රික් විනිසුරුවකු හා විනිශ්චය සභාවක් විසින් විභාග කල හැකි ඒවා ලෙස නියම කෙරිණි.
1936
කලින් පුහුණු නිලධාරීන් 20 ක් බඳවාගෙන තෙමස් පුහුණුවක් ලබාදෙන ලදී. 12 දෙනෙක් අභ්‍යාස පාඨමාලාව නිම කළහ.
1937
1937 දි බන්ධනාගාර නිලධාරීන්ගේ අභ්‍යාස මධ්‍යස්ථානයක් ඇරඹිණි. ආයතනයන් හි සියලු උපකාරක නිලධාරීන් ඉගෙනුම ලබන නියාමකයන් ලෙස බඳවාගත් අතර ඔවුහු අභ්‍යාස මධ්‍යස්ථානයේදි තෙමසක අභ්‍යාස පාඨමාලාවක් ලබාදෙන ලදී.
1939
1939 අංක 53 දරණ බන්ධනාගාර ආඥා පනත සංශෝධනය කිරීමේ අඥා පනතක් පැනැවිණි.
1940
තරුණ වරදකරුවන් සඳහා අභ්‍යාස පාඨමාලාවක් වතුපිටිවල පිහිටුවීම. තරුණ වරදකරුවන් සඳහා ආසියාවේ 1 වැනි එළිමහන් බොස්ටල් ආයතනය ආරම්භ කිරීම.
1944
පළමු නිලධාරි කණ්ඩායම බඳවා ගැනීම සහ පුහුණු කිරීම පිණිස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අංශයක් වශයෙන් පරිවාස ක්‍රමය හඳුන්වා දීම.
1946-1955
රටේ සියලු අධිකරණ ක්ෂේත්‍ර ආවරණය වන පරිද්දෙන් පරිවාස සේවය ව්‍යාප්ත කිරීම. රිමාන්ඩ් නිවාස, සහතික පාසල් සහ පරිවාස නේවාසිකාගාර සංවිධානය කිරීම.
1949
බන්ධනාගාර පරිපාලනය පිළිබඳ විශේෂ වාර්තාවේ XVIII සැසි වාර්තාව (ශ්‍රෙෂන් කොමිෂන් සභා වාර්තාව)
1950
ආසියාවේ පළමුවෙනි එළිමහන් සිර කඳවුර පල්ලේකැලේ පිහිටුවීම.
1952
කොළඹ ක්‍රමයේ විවිධ ශිෂ්‍යත්ව යටතේ විදේශ පුහුණු සහ වැඩිදුර අධ්‍යයන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විදේශ ගත කිරීමේ පරිපාටියක් ඇරඹිම.
1952-1954
දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි අංශය ආරම්භ කිරීම.
1954
තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය මීගමුවේ පිහිටුවීම.

Break Water හා Slave Island - 1954 පෙබරවාරි 12 වැන දින අංක 10640 දරණ ගැසට් නිවේදනයේ පළ වු ඇමතිගේ නියෝගය පරිදි එම බන්ධනාගාර වසන ලදී.
1956
ශ්‍රී ලංකාවේ මරණ දඩුවම් අත්හිටුවීම, පරිවාස සේවය බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉවතට ගෙන පරිවාස සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් කේන්ද්‍රස්ථාන ගත කිරීම.

ෆිස්කල් ආයතන සියල්ල බන්ධනාගාර දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබීය.
1956-1957
රටේ ෆිස්කල් සිරමැඳිරි සියල්ල බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මාරු කිරීම.
1957-1958
එළිමහන් කඳවුරු අනුරාධපුරය,මඩකලපුව සහ යාපනය යන ස්ථානයන්හි පිහිටුවීම.
1958
බන්ධනාගාර කාර්යය මණඩලයේ සියල්ලන් හට පැය නවයේ වැඩ කරන දිනය සහ ජේලර් ශ්‍රේණියේ සහ ඉන් පහළ සියලු නිලධාරින් හට අතිකාල දීමනා ගෙවීමේ ක්‍රමය ආරම්භ කිරීම.
1959
මහාචාර්යය නෝවාල් මොරිස් ගේ සභාපතීත්වය යටතේ ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් පත්කිරීම- 1959 xiv වැනි සැසි වාර්තාව
1960
මරණීය දණ්ඩනය නැවත පැනවීම.
1968
සමා කාලය 1/4 සිට 1/3 දක්වා වැඩි කිරීම.
1971
කැරැල්ල සාමාන්‍ය බන්ධනාගාර කටයුතු අවුල් කරමින් 17000 ක් පමණ බන්ධනාගාර සහ කඳවුරු වලට අනපේක්ෂිතව ප්‍රෙව්ශ වීම
1971-1975
කැරලි ගැසීමේ ප්‍රයත්නයට ආන්තිකව සම්බන්ධ වු බවට චෝදනා ලැබ සිටි විප්ලවකාරීන් පුනරුත්ථාපනය කිරිමේ කාර්යයට සහාය වීම සඳහා දෙපාර්තමේන්තු නිලධාරීයෙක් යොදවනු ලැබීය.
1974
සිරකරු සමූපකාර පර්යේෂණාත්මක ගොවිපල මීතිරිගල ආරම්භ කිරීම. විශිෂ්ඨ පන්තියේ සිරකරු ක්‍රමය අහෝසි කිරීම. නිදහස් වු සිරකරු සමූපකාරය සංවිධානය කිරීම. වැඩ සහන ක්‍රමය හඳුන්වාදීම.
1975
වරකට අභ්‍යාස ලාභීන් 40 ට නේවාසික පහසුකම් සහිත විශෝධන පර්යේෂණ සහ අභ්‍යාස මධ්‍යස්ථානය පිහිටුවීම. ප්‍රමාණවත් කාර්යය මණ්ඩල පුහුණුව සංවිධානය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් දෙදෙනෙකුගේ සේවය ලබාගත් අතර සියලු කාර්යය මණ්ඩලය සඳහා සටහන් ගත පූර්ව සේවා සහ සේවාස්ථ පුහුණු පාඨමාලාද එමගින් සංවිධානය කෙරිණි.
1976
පල්ලන්සේන එළිමහන් විශෝධන මධ්‍යස්ථානය පිහිටුවීම.
1977
රාජ්‍ය පරිපාලන අමාත්‍යෘංශයේ කළමනාකරණ සේවා අංශය මගින් අනුමත පරිදි කාර්යය මණ්ඩලය වැඩි කිරීම.
1977-1978
වීරවිල එළිමහන් වැඩ කඳවුර පිහිටුවීම.
1978
විශෝධන පර්යේෂණ සහ අභ්‍යාස මධ්‍යස්ථානයේ පුස්තකාලය විවෘත කිරීම. අපරාධ සහ අපචාර මර්ධන ජාතික සංගමය පිහිටුවීම.
1979-1980

කෙටිකාලීන සහ මධ්‍යකාලීන දඬුවම් ගෙවන සිරකරුවන් සඳහා වැඩ කඳවුරු ක්‍රමයක් හඳුන්වා දෙන ලදී.

බන්ධනාගාර මූලස්ථානයේ හිටපු සංඛ්‍යා ලේඛන නිලධාරි කේ.එල්.සී. අතුකෝරල මහතා විසින් සම්පාදිත ශ්‍රී ලංකාවේ බන්ධනාගාර සංඛ්‍යා ලේඛන, ග්‍රන්ථයේ ප්‍රථම කලාපය පල කිරීම.

වී.එන්.පිල්ලේ සභාපතිත්වය යටතේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා වාර්තාව. 1981 VI වැනි සැසි වාර්තාව.

1981
සේනපුර පවුල් පුනරුත්ථාපන මධ්‍යස්ථාන විවෘත කිරීම.
1982

කෑගල්ල සහ ත්‍රිකුණාමලයේ සිරමැඳිරි 1982.01.20 වැනි දින පටන් ක්‍රියාත්මක වන පරිදි රක්ෂිත බන්ධනාගාර තත්ත්වයට උසස් කෙරිණි.

පෙබරවාරි මාසයේ පිළිවෙලින් පල්ලන්සේන සහ තල්දෙන තරුණ වරදකරුවන් සඳහා වු වැඩ කඳවුරු දෙකක් පිහිටවනු ලැබු පසුව එය තරුණ වරදකරුවන් සඳහා විශෝධන මධ්‍යස්ථාන යනුවෙන් නැවත නම් කෙරිණි.

1983

1983 ජූලි මස ජනවාර්ගික කලබල හේතුවෙන් ප්‍රකාශයටපත් හදිසි අවස්ථා තත්ත්වය නිසා වු වරදකරු නොවු සිරකරු සංඛ්‍යාව පෙර නොවු වීරු පරිදි වැඩිවිය.

රටේ දාමරික ක්‍රියා වැඩිවීමත් සමග 1983 ජුලි 25 හා 27 යන දිනවල බන්ධනාගාරයේ ඇති වු කැරැල්ලේදි සිරකරුවෝ අතින් ද්‍රවිඩ රැදවුම්කරුවන් 53 දෙනෙකු මැරුම් කෑහ.

ඇටෝර්නි ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාගේ සහාය ඇතිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මරණ පරීක්ෂණය පැවැත් වු අතර තීන්දුව වුයේ බන්ධනාගාර කැරැල්ලක් නිසා මිනි මැරුම් සිදු වි ඇති බවයි.

1984

නිදහස් කළ සිරකරුවන් 300 ක් සඳහා පිහිටුවන ලද පදවියේ නව ජිවනගම ජනපදයට 1984 නොවැම්බර් 30 වැනි දින ද්‍රවිඩ ත්‍රස්තවාදින් පහර දෙන ලද අතර නිදහස් වු සිරකරුවන් 56 දෙනෙකු සහ ඔවුනගේ පවුලේ සාමාජිකයන් මරාදමන ලදී.
.
වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාර වල යුනෙස්කෝ සමාජය ආරම්භ කිරීම. (දිවයිනේ බන්ධනාගාරවල ප්‍රථම යුනෙස්කෝ සමාජය)

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිරගත වූවන්ගේ සංඛ්‍යාව සිග්‍රයෙන් වැඩිවිය. 1980 දි 580 ක් වු එය 1984 දි 1777 ක් විය.
1985

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ ආධාර ඇතිව සංස්ථාපිත කළ විශෝධන පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයට 1985 අප්‍රේල් 30 වැනි දිනට දස වසරක් සම්පුර්ණ විය.

1985.05.12 වැනි දින යාපනය බන්ධනාගාරය වසා දැමිණි. අධිකාරි කාර්යාලය යාපනය පරණ උද්‍යාන පාරේ මහෙස්ත්‍රාත් බංගලාවට ගෙන යන ලදී. නේවාසිකයන් මීගමුව බන්ධනාගාරයට යවනු ලැබුහ.

සේනපුර පවුල් පුරුත්ථාපනය මධ්‍යස්ථානය 1985 අප්‍රේල් මස ආපසු සමාජ සේවා දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබීය.

1985 මැයි මස ද්‍රවිඩ ත්‍රස්තවාදීහු කෝපායිහි එළිමහන් සිර කඳවුරට පහර දී වටිනා භාණ්ඩ සහ ගොඩනැගිලි විනාශ කර දැමුහ.

මැගසින් රක්ෂිත බන්ධනාගාරයේ සිරකරුවන්ගේ යහපත උදෙසා නීති ආධාර මණ්ඩලයේ සහයෝගීත්වය ඇතිව ,නිති ආධාර, මධ්‍යස්ථානයක් පිහිටුවීම.

වෙනස් වු තත්ත්වයන් කෙරෙහි සැලකිල්ලෙන් යුතුව බන්ධනාගාරවලට සාපේක්ෂ ක්‍රියා මාර්ග වෙනස් කිරිම සලසා බැලීම පිණිස ශ්‍රේෂ්ඨධිකරණ විනිසුරු ගරු ඕ.එස්.එම්.සෙනවිරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීම.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගනුලැබු ඇතැම් වර්ග වල පුද්ගලයින් සඳහා කළුතර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන සංක්‍රමණ කඳවුරක් පිහිටුවීම.

අධිකරණ අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපති සී.රණරාජා මහත්මිය විසින් 1987 මාර්තු 11 වැනි දින බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකය ආරම්භ කරනු ලැබිම.

සාමාන්‍ය රිමාන්ඩ් සිරකරුවන් සඳහා සිමා වු මැගසින් රක්ෂිත බන්ධනාගාරය 1987 මැයි 07 වනදා පටන්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගත් රැඳවුම් කරුවන් සඳහා වෙන් කෙරිණි.

1988

වසරේ අගභාගයේ දිවයිනෙහි පැවති අහිතකර තත්ත්වයන් හේතුවෙන් වැලිකඩ,බෝගම්බර,මැගසින් රක්ෂිත බන්ධනාගාරය සහ පැලවත්තේ සංක්‍රමණ කඳවුරෙහි පෙර නොවු වීරු වාතාවරණයක් උද්ගත විය. 1988 නොවැම්බර් මස වැලිකඩ බන්ධනාගාරයේ සිදු වු කැරැල්ල නිසා කාර්යාල ගොඩනැගිලි ස බඩු බාහිර ආදියට සැලකිය යුතු විනාශයක් සිදු විය. තවද ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ මැගසින් රක්ෂිත බන්ධනාගාරයේ සිරභාරයේ සිටි 221 ක් ද පැලවත්ත සංක්‍රමණ කඳවුරේ සිටි 131 ක් ද පලා ගියහ.

1989
බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට වැලිකඩ,මහර සහ වෙනත් බන්ධනාගාර වල නිලධාරි හු ඉහල වැටුප් පරිමාණ, වැඩිපුර නිල ඇඳුම් කට්ටලයක් සහ සුභසාධක පහසුකම් ඉල්ලා රාජකාරි ස්ථාන වලින් බැහැරව සිටියහ. රටේ පැවැති තත්ත්වය නිසා මෙය රාජකාරි ස්ථාන වලින් බැහැරව සිටිමක් විනා සංවිධානාත්මක වැඩ වර්ජනයක් නොවිය. වැටුප් වැඩි කිරිම සහ සුභසාධක පහසුකම් වැනි ඉල්ලීම් රැසක් පැය 24 ක් තුල ලබාදීමට එකඟත්වයක් දැක්විණි. මේ වකවානුව තුල බන්ධනාගාර වලට ආරක්ෂාව සැපයුවේ ආරක්ෂක හමුදා විසිනි..
1990
1990 ජුනි සිට විරවිල වැඩ කඳවුර ත්‍රස්ත්‍රවාදි සිරකඳවුරක් බවට පත් කිරීම,මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරක් ලෙස පල්ලේකැලේ නාවෝදා පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිහිටුවීම.
1991

1991 අගෝස්තු 04 කළුතර රිමාන්ඩ් සිරමැඳිරිය ආරම්භ කිරීම.

1991.12.31 කොග්ගල වැඩ කඳවුර වසා දැමීම සහ එහි නිදහස් වෙළෙඳ කලාපය ආරම්භ කිරීම.
1993
කුරුවිට වැඩකඳවුර පිහිටුවීම.
1995
ප්‍රථම වරට බන්ධනාගාර නිලධාරීන් සඳහා උත්සව නිල ඇඳුමක් හඳුන්වා දීම..
1996
වීරවිල වැඩකඳවුර ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීම. බන්ධනාගර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ළමුන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

වොල්ටර් ලද්දුව හෙට්ටිගේ ප්‍රධානත්වයෙන් සිරකරු සුභසාධනය හා සම්බන්ධ නෛතික හා පරිපාලනමය ප්‍රතිපත්ති නිරීක්ෂණයට අදාල කමිටුවක් පත් කිරීම.
1997
යාපනය බන්ධනාගාරය නැවැත පිහිටුවීම.
1999
කුරුවිට වැඩ කඳවුර රිමාන්ඩ් බන්ධනාගාරයක් ද එක් කිරීම. බූස්ස බන්ධනාගාරය ආරම්භ කිරීම.
2002

වාරියපොල එළිමහන් සිරකඳවුර පිහිටුවීම.

පොළොන්නරුව සහ මොණරාගල සිරමැඳිරි දෙක රිමාන්ඩ් බන්ධනාගාර බවට පත් කිරීම. රත්නපුර සිරමැඳිරිය රත්නපුර පොලිසියට භාරදීම.
 
බන්ධනාගාර දෙපාර්තමේන්තුව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතට පැවැරීම.

2003
කොළඹ සහ මහර බන්ධනාගාරය අතර රේඩියෝ ශබ්ද තරංග ක්‍රමය ආරම්භ කිරීම.
2006

පල්ලන්සේන තරුණ වරදකරුවන් සඳහා විවෘත පාසලක් ආරම්භ කිරීම.

වැලිකඩ කාන්තා අංශය එයින් වෙන්කර මැගසින් බන්ධනාගාරයට එක්කිරීම.

2007

බන්ධනාගාර කොමසාරිස් මේජර් ජනරාල් වජිර විජයගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ජුලි 16 බන්ධනාගාර දිනය ලෙස ප්‍රකාශයට පත් කර එය උත්සවාකාරයෙන් සැමැරීම,බන්ධනාගර සේවයේ යෙදි සිටියදි දිවිපිදු නිලධාරීන් සිහිකිරීම සඳහා ස්මාරකය ඉදිකිරිම, නිලධාරින්ගේ ක්‍රීඩා කෞෂල්‍ය ඇගයීමට ලක්කිරීම වෙනුවෙන් වර්ණ ප්‍රධානොත්සවයක් පැවැත්වීම.

බෝගම්බර බන්ධනාගාරය පල්ලෙකැලේට ගෙනයාම සඳහා වු ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම, මෙය බන්ධනාගාර ඉතිහාසයේ සැලසුම් සහගත පළමු බන්ධනාගාරය වේ.

බන්ධනාගාර නිලධාරින් සඳහා ගිතයක් සහ සිරකරුවන් සඳහා ගීතයක් නිර්මාණය කිරීම.

හංගිලිපොල,ගිරිබාව,ඇඹිලිපිටිය බන්ධනාගාර ආශ්‍රිතව එළිමහන් සිර කඳවුරු ආරම්භ කිරීම සඳහා මූලික කටයුතු සංවිධානය කිරීම.

ලෝක ඒඩ්ස් දිනයට සමගාමිව බන්ධනාගාර ආයතන වල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ එච්.අයි.වී.ඒඩ්ස් නිවාරණ ව්‍යෘපෘතිය මගින් තෝරාගත් සිරකරුවන් පිරිසක් සංවර නායකයින් ලෙස පුහුණු කිරීම. 

2008

මැගසින් බන්ධනාගාරයේ පැවැති කාන්තා අංශය නැවතත් වැලිකඩ බන්ධනාගාරයේ පිහිටු වන ලදි.

මහර බන්ධනාගාරයේ උසාවියෙන් නියම කරන ලද සිරකරුවන් ලියාපදිංචිය ආරම්භ කරන ලදී.

මහර බන්ධනාගාරයේ කාන්තා අංශයක් ආරම්භ කිරීම.

තුන්කම ඇඹිලිපිටියෙහි වැඩ කඳවුරක් ආරම්භ කිරීම.

කළුතර සිරමැඳිරිය කළුතර නගර සභාවේ අධිකාරිය යටතේ ආරම්භ කිරීම.

2009

වවුනියාව රක්ෂිත බන්ධනාගාරය ආරම්භ කිරීම.

බුද්ධි හා ආරක්ෂණ අංශය පිහිටුවීම.
 
පල්ලන්සේන තරුණ වරදකරුවන් සඳහා වු අභ්‍යාස විද්‍යාලය අඹේපුස්සට මාරු කිරීම.

2010
හංගිලි පොල වැඩ කඳවුර ආරම්භ කිරීම.
2014

අඹේපුස්ස තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය මාර්තු 18 වන දින වටරැක වැඩකඳවුර වෙත මාරු කිරීම සහ 'සුනීත' නමින් පාසලක් ආරම්භ කිරීම.

මහනුවර රිම්න්ඩ් බන්ධනාගාරය හා බෝගම්බර බන්ධනාගාර යන ආයතන දෙකම බෝගම්බර බන්ධනාගාරය නමින් ජුනි 05 වන දින පල්ලේකැලේ දුම්බර ප්‍රදේශයේ ආරම්භ කිරීම.

බන්ධනාගාර 'ඕවර්සියර් 'සහ 'සුභසාධක නිලධාරි තනතුරු නාම 'සැරයන් 'සහ' පුනරුත්ථාපන නිලධාරි 'නමින් වෙනස් කිරීම.