ගාල්ල බන්ධනාගාර වෙසක් නාට්‍ය - 2018

2018 ශ්‍රී වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත ගාල්ල බන්ධනාගාර බෞද්ධ සංගමය හා සිරකරු සුභසාධක සංගම් උප කමිටුව විසින් 42 වන වරටත් වෙසක් දහම් පඩුර “සත්‍ය ජයගනී” වේදිකා නාට්‍ය අභිමානයෙන් ඉදිරිපත් කරන ලදී. ගරු අභිනව දකුණු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මැතිතුමා සහ බන්ධනාගාර කොමසාරිස් පාලන හා මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය යන මහත්වරුන්ගේ සම්භාවනීය සහභාගීත්වයෙන් පසුගියදා වෙසක් පොහෝ දින ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේදී වේදිකාගතකරනලදි. 

ගාල්ල බන්ධනාගාර නිළධාරින් රගපෑමෙන් දායක වන මෙම වේදිකා නාට්‍ය ජනප්‍රිය නාට්‍ය ශීල්පී බූස්සේ හැරල්ඩ් කේ. ජයතිස්ස මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලදි. සිරකරු සුභසාධක සංගමයේ නිළධාරින් මෙන්ම ප්‍රභූවරුන් ඇතුළුව විශාල පිරිසක් මෙම නාට්‍ය නැරඹීම සදහා සහභාගී වි සිටියේය.