බංගලාදේශ බන්ධනාගාර දූත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය

 

2018 ජුනි මස 08 දින සිට 10 වෙනි දින දක්වා බංගලාදේශ බන්ධනාගාර දූත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලදී. මෙම දුත කණ්ඩායම විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා සමග සාකච්ඡාවක් 2018 ජුනි මස 08 වන දින පෙරවරුවේදි බන්ධනාගාර මුලස්ථානයේදි පවත්වන ලදී.  ඔවුන් විසින් පසුදින අගුණකොළපැලැස්ස, පල්ලේකැලේ හා වටරැක බන්ධනාගාර ආයතන වල නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

මෙම සංචාරය සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්.අදිකාරි මහත්මියගේ විශේෂ අනුමැතිය ලබා දී තිබු අතර, දූත කණ්ඩායම සඳහා සම්බන්ධිකරණ කටයුතු සිදු කරන ලද්දේ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතාය. එහි සම්බන්ධිකරණ නිලධාරීන් ලෙස කටයුතු කරන ලද්දේ බන්ධනාගාර අධිකාරි සුජීව විජේසේකර හා 11 වන පෙළ ජේලර් ගයාන් තිලකරත්න යන මහත්වරුන්ය.

එම දූත කණ්ඩායම ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සිදුවන ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ එළිමහන් සිරකඳවුරු සංකල්පය, රැඳවියන් පුනරුත්ථාපනය කිරීම, තරුණ වරදකරුවන්ගේ පුනරුත්ථාපනය හා ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව නව බන්ධනාගාර ඉදිකිරිම වැනි ක්ෂෙත්‍ර පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලදී.

මෙම දුත කණ්ඩායමේ නායකයා ලෙස නියෝජ්‍ය ලේකම් මොහොමඩ් හලාල් ෂෙරිෆ් මහතා කටයුතු කළ අතර ජ්‍යේෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරු,,ජේලර් මහත්වරු ඇතුළු අධිකරණ ක්ෂෙත්‍ර යේ නිලධාරින්ද සහභාගි විය.