වැලිකඩ නේවාසික කාය වර්ධන මධ්‍යස්ථානය විවෘත කිරිම .


දිවයිනේ ප්‍රධානතම බන්ධනාගාරය වන වැලිකඩ බන්ධනාගාරයේ නේවසිකයින් සඳහා නවීන අංගෝපාංගවලින් සමන්විතව කාය වර්ධන මධ්‍යස්ථානයක් 2018.07.03 දින පෙ.ව. 10.00 ට වැලිකඩ බන්ධනාගාරය තුලදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

රුපියල් මිලියන ගණනක වියදමින් පවර් වල්ඩ් ආයතනයේ අධිපති තලවෝව් අලි ලීමා මැතිතුමාගේ සහ හාවස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ අධිපති රොඩ්නි පෙරේරා මැතිතුමාගේ කාරුණික අනුග්‍රහය යටතේ සිදු කරන ලද මෙම ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එම දෙපොල ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන්ද වැලිකඩ බන්ධනාගාර අධිකාරී එම්.එෆ්. ලාහීර් මහතා සහ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න මහතා ඇතුළු නිලධාරින්ද බන්ධනාාගාර රැඳවියන්ද සහභාගි වන ලදී.

කායවර්ධන මධ්‍යස්ථාන නේවාසිකයින් සඳහා බන්ධනාගාර ආයතන තුළ බිහි කිරීමේ විශේෂත්වය වනුයේ රැඳවියන්ගේ ශාරිරික යෝග්‍යතාවය රැකීම පමණක් නොව මත්ද්‍රව්‍ය ඇබ්බැහියට නතුවුණු එමෙන්ම එවැනි දුර්භාවිතවලට යොමුවීමට ඉඩ ඇති රැඳවියන් ශාරිරික යෝග්‍යතා වර්ධනයට යොමුගත කිරීම තුලින් මත්ද්‍රව්‍ය දුර්භාවිතයෙන් බැහැර කිරීමක් මේ මගින් සිදු වන බව ද ඒ අනුව මෙම සිදු කරන මහගු සේවාව ජාතික අවශ්‍යතාවයක් ඉටු කිරීමක් බව ද එහිදි අදහස් දක්වමින් බන්ධනාගාර අධිකාරි ලාහීර් මහතා ප්‍රකාශ කරන ලදී.