වෙසක් පෝදා සිරකරුවන් පිරිසකට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස


මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 728 දෙදෙනෙකු සහ බලපත්‍ර මත සිරකරුවන් 34 දෙනෙකු නිදහස් කිරීමේ රාජ්‍ය මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදි 2019.05.18 එනම් වෙසක් පුර පසළොස්වක පෝදා සිදු කරන ලදී.

මෙම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඇතුළු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  සහභාගි විය.

එදින දහවල් බෞද්ධ සංගමය මගින් පැවැත්වු බත් දන්සැල අතිගරු ජනාපති තුමන් අතින් විවෘත කරන ලද අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගි වන ලදී.