II පෙළ ජේලර් හා පුනරුත්ථාපන නිලධාරී පුහුණු පාඨමාලාව
විසිර යාම හා සහතික ප්‍රදානෝත්සවය - 2017.06.14


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව IIපෙළ ජේලර් හා පුනරුත්ථාපන නිලධාරි තනතුරට උසස් වීම් ලද නිලධාරි සඳහා වන මූලික නේවාසික පුහුණු පාඨමාලාව 2017.05.15 වෙනි දින සිට 2017.06.14 වෙනි දින දක්වා පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත තම ගෞරවාන්විත සේවය ලබා දීම සඳහා පුහුණු පාසලෙන් නික්ම යන II පෙළ ජේලර්වරුන් 15ක් හා පුනරුත්ථාපන නිලධාරින් 4 දෙනෙක් දින 30ක කාලයක් දැනුම ආකල්ප සහ කුසලතාවයන්ගෙන්  පරිපූර්ණ වෙමින් රාජ්‍ය නිලධාරියෙක් ලෙස ජේලර්වරයා සහ පුනරුත්ථාපන නිලධාරින් සතු කාර්යය භාරය බන්ධනාගාර ආඥා පනත සහ ව්‍යවස්ථාපිත නීති , ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි , කාර්යාල විධි ක්‍රම, පරිගණක පුහුණුව , බන්ධනාගාර කළමනාකරණය සහ නව සංකල්ප , මනා ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගැනීම , බලය සහ අධිකාරිය , නායකත්වය , ගිණුම් අංශ ජේලර්වරයාගේ රාජකාරි, පුනරුත්ථාපන නිලධාරියෙක් සතු රාජකාරි, සිර ලියාපදිංචි අංශයේ කාර්ය භාරය, ඵලදායීතාවය හා ආකල්ප වර්ධනය , මූලික නීතිය, සමාජ ප්‍රශ්න හඳුනා ගැනීම, විශෝධනය හා පුනරුත්ථාපන ක්‍රියාවළිය, මූලික විමර්ශන හා විනය පරීක්ෂණ ක්‍රියාවළිය, සිර සමාව සකස් කිරීම, අමුත්තන් පෙන්වීම, මානව හිමිකම් මූලික සංකල්ප, විනය අංශ කාර්ය භාරය, ළමා හා කාන්තා අයිතිවාසිකම්, මහජන සම්බන්ධතා, භාර ගැනීමේ ජේලර්වරයාගේ රාජකාරි, මත් ද්‍රව්‍ය හඳුන්වා දීම, පුනරුත්ථාපන අංශයේ කාර්යය භාරය, තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම හා ඉන් පසු ගන්නා ක්‍රියාමාර්ග , බන්ධනාගාර තොරතුරු කළමනාකරණය, මානසික සංවර්ධනය, කර්මාන්ත අංශ ජේලර්වරයාගේ රාජකාරි යනාදී න්‍යායාත්මක දේශන සහ නායකත්ව ක්‍රියාකාරකම්, දින 05 ක ප්‍රායෝගික ගිනි අවි පුහුණුව හා වෙඩි තැබීමේ පුහුණුව කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී ලබා ගන්නා ලදි.

මෙම සහතික ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා සහභාගි වන ලද අතර, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත හා නිපුනතා සංවර්ධන) එමිල් රංජන් ළමාහේවගේ මහතා සහ සහකාර බන්ධනාගාර අධිකාරි බී.එම්.ඒ.යූ.කේ. බස්නායක මහතාද ඒ සඳහා සහභාගි වන ලදි.

මෙම පුහුණු පාඨමාලාව සහකාර බන්ධනාගාර අධිකාරි/අධ්‍යක්ෂ පුහුණු එම් එෆ් ලාහීර් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලද අතර ප.වි.පු.මධ්‍යස්ථානයේ ප්‍රධාන ජේලර් එල් පී වර්ණකුලසූරිය මහතා විසින් මෙහෙයවන ලදි.