කුරුවිට බන්ධනාගාර නත්තල් අසිරිය 2017.12.21


කුරුවිට බන්ධනාගාරයේ රදවා සිටින කිතුණු භක්තිකයන් වෙනුවෙන් 2017.12.25 වන දිනට යෙදෙන නත්තල් දිනය සමරනු වස් ඊට සමගාමීව මෙදින රත්නපුර දිස්ත්‍රික් රදගුරු අති උතුම්  ක්ලින්ටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් සහ අවිස්සාවේල්ල, මාදොළ රදගුරු නිවසේ පියතුමන්ලාගේත්, රත්නපුර ආසන දෙව් මැදුරේ ගරු සමිපත් විජේරත්න පියතුමන් ඇතුළු පුජක තුමන්ගේත් සහභාගීත්වයෙන් මෙවර නත්තල් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.

මෙම වැඩසටහන කුරුවිට බන්ධනාගාරයේ ගරු අධිකාරි එස්. ආර්.ජයවීර ද සිල්වා මහතාගේ පුර්ණ දායකත්වයෙන් හා මඟ පෙන්වීමෙන් , වැඩ බලන ප්‍රධාන ජේලර් ප්‍රදීප් වසන්ත මහතාගේ සහයෝගයෙන් හා සියලු පුනරුත්ථාපන නිළධාරින්ගේ සංවිධානයෙන් යුතුව ඉතා සාර්ථකව පවත්වන ලදී.