මුල් පිටුව


අප අමතන්න


දුරකථන නාමාවලිය


වෙබ් අඩවි සිතියම


 
  ‍ඉතිහාසය
  අමාත්‍යාංශය
  සංවිධාන ව්‍යුහය
  නිලධාරි මණ්ඩලය
  බන්ධනාගාර ආයතන
  ‍පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානය
  දැක්ම,මෙහෙවර,ඉලක්ක
  ‍බන්ධනාගාර ලාංඡනය සහ ආදර්ශ පාඨය
  ‍බන්ධනාගාර ගීතය
  නීති හා රෙගුලාසි
‍බඳවාගැනීම්
  ‍ස්ථාන මාරුවීම්
  ‍විභාග සහ ප්‍රතිඵල
  ‍චක්‍රලේඛ
  ‍ටෙන්ඩර් දැන්වීම්
  සංඛ්‍යාලේඛන තොරතුරු
  ‍ප්‍රකාශන සහ වාර්තා
  ‍නිවාඩු නිකේතන
ආශ්‍රීත සංවිධාන
 
 
 
  www.gov.lk

 
 
 

 

දැක්ම

මෙහෙවර

 
 
 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්

එච්.එම්.එන්.සී.ධනසිංහ
නවතම සිදුවීම්

ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව බන්ධනාගාර නිලධාරීන්ගේ බෞද්ධ සංගමය මගින්  සංවිධානය කරන ලද බන්ධනාගාර වෙසක් කලාපය 2017 මැයි 10 වන දින සිට 14 දින දක්වා බන්ධනාගාර මුලස්ථානය ඉදිරිපිට බේස්ලයින් මාර්ගයේදි පවත්වන ලදී. වැඩිදුර විස්තර

බූස්ස බන්ධනාගාරයේ වසර තුනක සිර දඬුවමක් විදින රැදිවියකුගේ පවුලේ උදවියට නව නිවසෙක් ඉදිකර දීමට බුස්ස බන්ධනාගාර පාලනාධිකාරයෙන් පසුගිය දා කටයුතු සිදු කරන ලදී. දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජිවත් වන මෙම පවුල පිළිබඳව හික්කඩුව ප්‍රාදේශිය ලේකම්ගේ නිර්දේශය අනුව රැඳවියට අයත් ඉඩමක නිවෙසක් ඉදිකිරීමේ කටයුතු බන්ධනාගාර නිලධාරින් විසින් ආරම්භ කර තිබේ. මේ සඳහා බුස්ස සිරකරු සුභසාධක සංගමය සහ බුස්ස බන්ධනාගාර නිලධාරින්ගේ සම්පත් දායකත්වය ලැබේ. වැඩිදුර විස්තර


ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමීව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ සංකල්පයක් අනුව ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතාගේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රීයාකාරි අධ්‍යක්ෂ සම්පත් සුභසිංහආරච්චි මහතාගේ මගපෙන්වීම යටතේ ගාල්ල බන්ධනාගාර රැදවියන් වෙනුවෙන් බෞද්ධ චිත්‍රපට ප්‍රදර්ශණයක් පසුගිය 11 වන දා ගාල්ල බන්ධනාගාරයේදී පැවැත්විණි.. වැඩිදුර විස්තර


කොළඹ බන්ධනාගාර නිලධාරින්ගේ අවුරුදු උළෙල අප්‍රේල් මස 30 වන දින දවස පුරා බන්ධනාගාර ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩබ්.ඒ.එස් අමරතුංග මැතිතුමා,බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා සහ ධනසිංහ මැතිණිය, බන්ධනාගාර කොමසාරිස් වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වුහ. වැඩිදුර විස්තර


බන්ධනාගාරගත නේවාසිකයින් සහජ ගායන කුසලතා එළිදැක්වීමේ අරමුණින් ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතාගේ සංකල්පයක් අනුව පවත්වන ලද   සිපිරි සර 02 රැදවියන්ගේ නොරැදුණු ගී සර ප්‍රසංගය 2017.04.29 දින ප.ව 03.00 ට  ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. වැඩිදුර විස්තර

බුස්ස බන්ධනාගාරයේ මෙතෙක් විශාල ප්‍රශ්නයක්ව පැවැති ජල ප්‍රශ්නයට විසදුම් ලබාදිමට පසුගියදා පියවර ගැනිණි.  වැඩිදුර විස්තර

ගාල්ල බන්ධනාගාර සිරකරු සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලද බක්මහ උළෙල 2017.04.23 දින දවස පුරා ගාල්ල බන්ධනාගාර පරිශ්‍රයේදී අති සාර්ථක අයුරින් පවත්වන ලදි. වැඩිදුර විස්තර

2017 සිංහල හින්දු අළුත් අවුරුද්ද නිමිති කරගෙන මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් වෙනුවෙන් චාරිත්‍ර වාරිත්‍ර අනුව සංස්කෘතික අංගයන්ගෙන් හා ජන ක්‍රීඩා වලින් සමන්විත බක්මහ උලෙළක් 2017.04.09 දින දවස පුරා මහර බන්ධනාගාරය තුල පවත්වන ලදවැඩිදුර විස්තර


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිට සැරයන් තනතුරට උසස් වීම් ලද නිලධාරින් සදහා පවත්වනු ලබන දින 21ක නේවාසික පුහුණු පාඨමාලාව 2017.03.02 වෙනිදින පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදි.වැඩිදුර විස්තර

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිට සහකාර බන්ධනාගාර අධිකාරි තනතුරට උසස් වීම් ලද නිලධාරින් 09 දෙනෙකු 2017.02.13 වෙනි දින සිට පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේදී පුහුණුව ලබා පසුගිය 25 වන දින විසිර යන ලදි. වැඩිදුර විස්තර

ප්‍රේම්රාවන් පදනම මගින් පවත්වන ලද සාම අධ්‍යාපන වැඩමුළුව 2017.02.18 වෙනි දින පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි. 

එම වැඩමුළුව සඳහා  බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 15 දෙනෙකුද පුනරුත්ථාපන කාර්යංශයේ මාණ්ඩලික නිලධාරින් 10 දෙනෙක්ද බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20 දෙනෙක් ඇතුළු නිලධාරින් 50 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි. වැඩිදුර විස්තර


මහර බන්ධනාගාර අධිකාරි ටී.අයි.උඩුවර මහතාගේ සංකල්පයක් මත ,වෘත්තීය පුහුණු අධිකාරියේ විශ්‍රාමික පුහුණු නිලධාරියෙකුගේ සහභාගීත්වයෙන් මහර බන්ධනාගාර රැදවියන් උදෙසා 2016.08.02 දින සිට පැවැත්වූ සය මාසික පෙදරේරු පුහුණු පාඨමාලාවේ 15 දෙනෙකුගෙන් යුත් පලමු කණ්ඩායම සාර්ථකව පුහුණුව අවසන් කල අතර, ඔවුන් සදහා සහතිකපත් ප්‍රධානය කිරීමත්, 20 දෙනෙකුගෙන් සමන්විත නව කණ්ඩායමක් සදහා පුහුණුව ආරම්භ කිරීමත් පසුගියදා මහර බන්ධනාගාර ශ්‍රවනාගාරයේ දී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. වැඩිදුර විස්තර

මහර බන්ධනාගාර අධිකාරි තුසිත ඉන්ද්‍රජිත් උඩුවර   මහතාගේ සංකල්පයක් මත 69 වන නිදහස් දිනයට සමගාමීව රැදවියන්ගේ මානසික සහජීවනය උදෙසා සංවිධානය කල සංගීත ප්‍රසංගය 2017 පෙබරවාරි මස 05වනදින සන්ධ්‍යාවේ මහර බන්ධනාගාරයේ එලිමහන් පරිශ්‍රෙය්දි පැවැත්වි ණි.  වැඩිදුර විස්තර

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදි ජනරජයේ 69 වන ජාතික නිදහස් දිනය නිමිති කරගනිමින්, සියලු බන්ධනාගාර ආයතනයන්හි  පවත්වන ලද රුක් රෝපණ වැඩසටහනෙහි ප්‍රධාන උත්සවය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මැතිතුමාගේ ආරාධනයෙන්,  බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.පී. ජී.වික්‍රමසිංහ මැතිතුමාගේ    ප්‍රධානත්වයෙන් 2017.02.04 වන දින වටරැක බන්ධනාගාරයේදි ප.ව. 3.30 ට ආරම්භ කරන ලදී.  වැඩිදුර විස්තර





 


දුරකථන- +94-11-4677177 ෆැක්ස් - +94-11-4677180 විද්‍යුත් තැපැල - prisons@sltnet.lk

බන්ධනාගාර මුලස්ථානය
නො.150,බේස්ලයින් පාර,කොළඹ 09
ශ්‍රී ලංකා