නව වසර උදාවත් සමග 2025 ජනවාරි මස 01 වන දින වැලිකඩ බන්ධනාගාරයට අනුබද්ධ කාන්තා අංශයේ රදවා සිටින රැදවියන්ගේ සුවදුක් බැලීමටත් හා ළමා සුරැකුම් මධ්යථානයේ දරුවන්ගේ අවශ්යතා පිලිබද සොයා බැලීමේ අරමුණින් කාන්තා හා ළමා කටයුතු විෂය භාර ගරු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මැතිණිය නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

එහිදී ළමා සුරකුම් අංශයේ සිටින ළමුන් 18ක් සදහා ආහාර, පලතුරු,හා සනීපක්ෂක ද්රව්ය ලබා දුන් අතර, කාන්තා අංශයේ රැදවියන්ගේ මැහුම් අංශය වෙත කැබිලි රෙදි තොගයක් ගරු අමාත්යතුමියගේ සුරතින් ලබා දීමට කටයුතු සිදු කෙරුණි.

මෙම විශේෂ අවස්ථාව සදහා කාන්තා හා ළමා කටයුතු අමාත්යංශ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා මිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, පරිවාස කොමසාරිස් ගයනි කෞෂල්යා විජේසිංහ මිය, අධ්යක්ෂ ජී.අයි.සජීවනී පෙරේරා මහත්මිය, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් වීරසංහ මහතා, වැලිකඩ බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතා, සහකාර බන්ධනාගාර අධිකාරී ජයන්ත අදාසූරිය මහතා ඇතුළු ශ්රී ලංකා කාන්තා කාර්යාංශයේ නිළධාරීන් හා ජ්යෙෂ්ඨ බන්ධනාගාර නිළධාරීන් රැසක් සහභාගී විය.