අපගේ දැක්ම

“නේවාසිකයින් පුනරුත්ථාපනය තුළින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරිම.”

අපගේ මෙහෙවර

“ආරක්ෂාව, රැකවරණය, පුනරුත්ථාපනය යන මූලික අරමුණු ඉටුකර ගැනීම උදෙසා ‍නේවාසිකයින් හා බන්ධනාගාර නිලධාරීන්අතර මනා සම්බන්ධතාවයක් නිර්මාණය කරමින් ධනාත්මක චින්තනයක් ගොඩනගා නිලධාරීන්ගේ රැකියා තෘප්තිය වැඩි කිරීම තුළින් සහ සිරකරුවන්ගේ සුභසාධක කටයුතු විධිමත් කිරීම තුළින් ඔවුන්ගේ ශ්‍රම ඵලදායීතාවය රටට වැඩදායී ලෙස යොදාගැනීම.”

අපගේ ඉලක්ක

  • බන්ධනාගාර නේවාසිකයන් විධිමත්ව පුනරුත්ථාපනය මඟින් නීති ගරුක මානව හිතවාදී පුද්ගලයන් බවට පත් කර ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීමට දායක වීම.
  • බන්ධනාගාර නිලධාරින් අභිප්‍රේරණය සහ දෙපාර්තමේන්තු කණ්ඩායම් හැඟීම ගොඩනැගීම.

බන්ධනාගාර ලාංඡනය

  • සිංහයා මගින් සංකේතවත් වන්නේ ජාතියේ අභිමානයයි.
  • වී කරල් දෙක මගින් රටේ සෞභාග්‍ය පෙන්නුම් කරයි.
  • දෙපර්තමේන්තුවේ අනන්‍යතාවය භාෂා තුන මගින් (සිංහල,දෙමළ හා ඉංග්‍රීසි) පෙන්නුම් කරයි.
  • රැකවරණ්‍ය,ආරක්ෂාව හා පුනරුත්ථාපනය යන්න ප්‍රධාන තේමාව වේ. ඒ සංකේත වන්නේ වාක්‍ය මගින්ය.
  • රැදවියන්ගේ ආරක්ෂාව යතුරු දෙක මගින් පෙන්නුම් කෙරේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තු ගීතය

අප රැකවරණය ලබනා හැම දෙන මිනිසුන්

ජිවිතයේ යම් දවසක වැරදුණු මිනිසුන්

අපය ඔවුන් හට යහමග පෙන්වන මිනිසුන්

අනාගතේ හොඳ නොහොඳ කියා දෙන මිනිසුන්

කොටු පවුරින් වටවී සිටිනා

මනු කැල වෙත පා මෙත් කරුණා

දී රැකවරණ ද පිළිසරණා

සුව සෙත සලසමු එක් සිතිනා

අප රැකවරණය ලබනා ………

සිපිරි ගෙදර පියවරුන් අපි

සිපිරි ගෙදර මවුවරුන් අපි

සිපිරි ගෙදර නෑසියන් අපි

සිපිරි ගෙදර හිතවතුන් අපි

අප රැකවරණය ලබනා ………………

පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය: සංගීත අධ්‍යක්ෂ රෝහණ වීරසිංහ