ශ්රී බුද්ධ වර්ෂ 2569 වන වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් කොළඹ බන්ධනාගාර ආයතන වෙසක් සැමරුම් වැඩසටහන් රාශියක් බන්ධනාගාර මූලස්ථාන පරීශ්රයේදී සිදු විය.
ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්රධානත්වයෙන් දිවයිනේ බන්ධනාගාර ආයතන රාශියකින් ඉදිරිපත් කරන වෙසක් පහන් කූඩු ප්රදර්ශණයක්, බන්ධනාගාර පුහුණු පාසලේ නිළධාරීන්ගේ බැති ගී ප්රසංගයක් හා බන්ධනාගාර හදිසි ප්රතිචාර උපක්රමික බලකායේ නිළධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ බත් දන්සල 2025.05.12 වන දින, මැගසින් බන්ධනාගාර නිළධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ මඤ්ඤොක්කා දන්සල 2025.05.13 වන දින හා 2025.05.14 වන දින බන්ධනාගාර මූලස්ථාන නිළධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ බෙලිමල් දන්සල බන්ධනාගාර වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන මහජනතාවට ලබා දීමට කටයුතු කරනු ලැබීය.
මෙවර බන්ධනාගාර වෙසක් කලාපය වෙනුවෙන් බන්ධනාගාර ආයතන රාශියකින් වෙසක් පහන් කූඩු ඉදිරිපත් කරමින් තරග වැදුන් අතර එම වෙසක් කුඩූ අතුරින් ප්රථම ස්ථානය තල්දෙන බන්ධනාගාරයද, දෙවන ස්ථානය මීගමුව බන්ධනාගාරය හා තෙවන ස්ථානය බදුල්ල බන්ධනාගාරය හිම් කරගන්නා ලදී.
මෙම වෙසක් කලාපය සදහා බන්ධනාගාර කොමසාරිස් (පාලන) බී.එම්.යු.ජි.කේ.එ්.බස්නායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණි බී. දිසානායක මහතා, බන්ධනාගාර කොමාසාරිස් (පුනරුත්ථාපන) ජගත් වීරසිංහ මහතා, බන්ධානාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) ප්රසාද් හේමන්ත මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) සේනක පල්ලේතැන්න මහතා, වැලිකඩ බන්ධනාගාර ජ්යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී නිමල් ශාන්ත මහතා, මහර බන්ධනාගාර අධිකාරී රජිව් සිල්වා මහතා, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති මහතා, මැගසින් බන්ධනාගාර අධිකාරී එච්.එම්.එස්.එන්.උපුල්දෙණිය මහතා, කළුතර බන්ධනාගාර අධිකාරී ඩෙප් මහතා, බන්ධනාගාර හදිසි ප්රතිචාර උපක්රමික බලකායේ සහකාර බන්ධනාගාර අධිකාරි ප්රසාද් ප්රේමතිලක මහතා ඇතුළු ජ්යෙෂ්ඨ බන්ධනාගාර නිළධාරීන් හා ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.