බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන නිලධාරීන්ගේ සෞඛ්ය තත්වයන් පරික්ෂා කිරීම වෙනුවෙන් සෞඛ්ය අමාත්යංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සෞඛ්ය සේවා හා සහ සම්බන්ධව කොළඹ බන්ධනාගාර ආයතනයන් හී සේවය කරන නිළධාරීන් වෙනුවෙන් බෝ නොවන රෝග හා අක්ෂි පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මැතිතුමගේ ප්රධානත්වයෙන් 2025.08.12 කොළඹ පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්යස්ථාන ශ්රවණාගාරයේදී පැවැත්විය.
මෙහිදී රාජකාරී සිදු කරන නිලධාරීන් විහාල ප්රමාණයක් පැමිණ සිට අතර, මෙම වෛද්ය වැඩසටහන දිවයින පුරා පිහිටා ඇති සියළුම බන්ධනාගාර ආයතනයන්හීදි පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම විශේෂ අවස්ථාව සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා, නියෝඡ්ය අධ්යක්ෂ ජනරාල් (වෛද්ය සේවා) අර්ජුන තිලකරත්න මහතා, නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ (අධ්යපන හා පුහුණු , බෝනොවන රෝග) වෛද්ය සාවින්දි සමරකෝන් මහත්මිය, බන්ධනාගාර කොමසාරිස් (පාලන) බි.එම්.යු.ජි.කේ.ඒ. බස්නායක මහතා , බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ප්රසාද් හේමන්ත මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) ගාමිණී බී. දිසානායක මහතා, බන්ධනාගාර කොමසාරිස් ( කර්මාන්ත හා නිපුණතා සංවර්ධන, මාධ්ය ප්රකාශක) ජගත් වීරසිංහ මහතා, බන්ධනාගාර මූලස්ථාන ජ්යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ඒ.සී. ගජනායක මහතා, අමාත්යංශයේ හා බන්ධනාගාර ජ්යෙෂ්ඨ නිලධාරීන්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ, සෞඛ්ය සේවා නිලධාරීන් රැසක් සහ බන්ධනාගාර නිළධාරීන් රැසක් සහභාගී විය.