ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වන වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් කොළඹ බන්ධනාගාර ආයතන වෙසක් සැමරුම් වැඩසටහන් රාශියක් බන්ධනාගාර මූලස්ථාන පරීශ්‍රයේදී සිදු විය.

ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ බන්ධනාගාර ආයතන රාශියකින් ඉදිරිපත් කරන වෙසක් පහන් කූඩු ප්‍රදර්ශණයක්, බන්ධනාගාර පුහුණු පාසලේ නිළධාරීන්ගේ බැති ගී ප්‍රසංගයක් හා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික නිළධාරීන්ගේ බත් දන්සලක් බන්ධනාගාර මූලස්ථාන පරීශ්‍රයේ දී 2024.05.23 විවෘත විය. තවද, 2024.05.24 වන දින මැගසින් බන්ධනාගාර නිළධාරීන්ගේ මඤ්ඤොක්කා දන්සලක් සහ කොලඹ රිමාන්ඩ් බන්ධනාගාර නිළධාරීන්ගේ කඩල දන්සලක්ද පැවැත්විය.

ඊට අමතරව දිවයිනේ බන්ධනාගාර ආයතන රාශියකින් ඉදිරිපත් කල වෙසක් පහන් කූඩු ප්‍රදර්ශණයේ නිර්මාණාත්මක වෙසක් පහන් කූඩු සදහා පිළිවෙලින් අගුණකොලපැලැස්ස බන්ධනාගාරය, මීගමුව බන්ධනාගාරය, බදුල්ල බන්ධනාගාරය, පල්ලේකැලේ එළිමහන් සිරකදවුර සහ තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය යන බන්ධනාගාර ආයතන ස්ථාන 5ක් යටතේ ඇගයීමට ලක්විය.

මෙම වෙසක් කලාපය සදහා බන්ධනාගාර කොමසාරිස් (පාලන) බී.එම්.යු.ජි.කේ.එ්.බස්නායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණි බී. දිසානායක මහතා, බන්ධනාගාර කොමාසාරිස් (පුනරුත්ථාපන) ජගත් වීරසිංහ මහතා, බන්ධනාගාර මූලස්ථාන ඡ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි සේනක පල්ලේතැන්න මහතා, වැලිකඩ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ඩි.ආර්.ඩි.දසනායක මහතා, බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථාන පුහුණු අධ්‍යක්ෂ සුජීව විජේසේකර මහතා ඇතුළු ජේෂ්ඨ බන්ධනාගාර නිළධාරීන් හා ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.