පුනරුත්ථාපනය වන නේවාසිකයින්ගේ වෘත්තීයමය කුසලතා වර්ධනය කර ගැනීමේ අරමුණින් මත්ද්රව්ය හා අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) මූල්ය පරිත්යාගයෙන් නවීන බේකරි පුහුණු පාසලක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්යංශයේ අධිකරණ, බන්ධනාගාර කටයුතු ගරු රාජ්ය අමාත්ය නීතිඥ අනුරාධ ජයරත්න මැතිතුමාගේ සුරතින් හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සහභාගීත්වයෙන් 2024.02.03 වන දින පල්ලේකැලේ එළිමහන් සිරකදවුරේ දී විවෘත කරන ලදී.
මෙම බේකරි නිශ්පාදනය පුහුණු පාඨමාලාව ලෙස නේවාසිකයින්ට ලබා දෙන අතර, ඉදිරියේදී මෙම පාඨමාලාව සහතිකපත්ර පාඨමාලාවක් ලෙස නේවාසිකයින් වෙනුවෙන් ලබාදීමටද කටයුතු සිදු කරමින් පවතින අතර, මෙමගින් නිශ්පාදනය වන බේකරි ආහාර නේවාසිකයින්ගේ පරිභෝජනයටත්, ප්රාදේශියව අලෙවි කිරීමටත් කටයුතු සුදානම් කර ඇත.
එම විශේෂ අවස්ථාව සඳහා බන්ධනාගාර අධිකාරී (කර්මාන්ත) සූජීව විජේසේකර මහතා, පල්ලේකැලේ එළිමහන් කඳවුරේ සහකාර බන්ධනාගාර අධිකාරී එස්.ඒ.එස්.අයි.පි.පෙරේරා මහතා, මත්ද්රව්ය හා අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) ජාතික ව්යාපෘති සම්බන්ධිකාරක දුෂාන්ති ප්රනාන්දු මහත්මිය, ඇතුළු UNODC ආයතනයේ නියෝජිතයින් හා බන්ධනාගාර නිළධාරීන් රාශියක් සහභාගී විය.