About prisons_admin

This author has not yet filled in any details.
So far prisons_admin has created 53 blog entries.

සේවා ව්‍යවස්ථාව ගරු රාජ්‍ය අමාත්‍යතුමාට පිලිගැන්වීම

කලාපීය රටවල් බොහොමයක් මේ වනවිට බන්ධනාගාර පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකර ඇති අතර එහිදී එම රටවල් විශෝධන සේවයක් (Correctional Service) ස්ථාපනය කර බන්ධනාගාර නිලධාරීන්ගේ සේවාව වෘත්තීමය භාවයකට පත්කිරීමට කටයුතු කර ඇත. එමගින් බන්ධනාගාර නිලධාරීන් බඳවා ගැනීම, ඔවුන් පුහුණු කිරීම, උසස් වීම් ආදිය විධිමත් ක්‍රමවේදයකට අනුව සිදුකරනු ලබයි. සිරකරුවන්ට සැලකීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ [......]

2021-01-06T19:44:35+05:30ජනවාරි 5, 2021|

බන්ධනාගාර නිල ඇඳුමට නව අලෙවිසැලක්

බන්ධනාගාර නිලධාරී / නිලධාරිනියන් හට නියමිත ප්‍රමිතියට සකස් කරන ලද නිල ඇදුම්, නිල ලාංඡන මිලදී ගැනීමට සුදුසු ස්ථානයක් නොමැති වීමේ මෙතෙක් පැවැති අඩුපාඩුව සම්පූර්ණ කරමින් ඒ සඳහා වන අලෙවි සැලක් 2021 ජනවාරි මස පළමු දින පෙරවරු 10.30 ට යෙදුනු සුභු මොහොතින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සුරතින් විවෘත [......]

2021-01-03T13:45:16+05:30ජනවාරි 1, 2021|

2021 නව වසරේ වැඩ අරඹමින්

2021 නව වසරේ රාජකාරි ආරම්භ කරමින් අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම්ව කාර්යක්ෂමව හා ඵලදායී රාජ්‍ය සේවයකට කැපවන බවට ප්‍රතිඥාව සහ දිවුරුම කියවීම බන්ධනාගාර මූලස්ථානයේ සේවය කරන සියළුම සේවාවන්ට අයත් නිලධාරි / නිලධාරිනියන්ගේ සහභාගිත්වයෙන් 2021 ජනවාරි මස පළමුවන දින පෙරවරු 8.45 ට බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්වින. [......]

2021-01-03T13:34:14+05:30ජනවාරි 1, 2021|

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධූරයට තුසිත උඩුවර මහතා පත් කෙරේ

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පැවති අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ ආවරණය සඳහා 2020-12-24 දින බන්ධනාගාර කොමසාරිස් (බුද්ධි හා මෙහෙයුම්) තුසිත උඩුවර මහතා පත්කරනු ලැබීය. බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා අතින් එම පත්වීම ඒ මහතා වෙත පිරිනැමීමට කටයුතු කරන ලදී. වසර 33කට අධික කාලයක් පුරාවට [......]

2020-12-29T04:30:01+05:30දෙසැම්බර් 24, 2020|

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුරට නව පත්කිරීමක්

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේනතුව මගින් ලබා දෙන සේවාවන් සම්බන්ධව කාලීන තොරතුරු විනිවිදභාවයකින් යුතුව හා විශ්වාසනීයත්වයකින් සමාජ ගත කිරීමේ අරමුණැතිව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර ලෙස දැනට බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) ධූරයෙහි [......]

2020-12-24T09:12:53+05:30දෙසැම්බර් 17, 2020|

වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමුත්තන් බැහැදැකීමේ වෙබ් යෙදවුමක් හඳුන්වාදේ

බන්ධනාගාරගත රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් හට සිදුවන අපහසුතාවයන් මගහැරවීමට සහ බන්ධනාගාර වල ආරක්ෂාව තහවුරු කරගැනීමේ අරමුණින් බන්ධනාගාරගත රැඳවියන් මුනගැසීමට බන්ධනාගාරයට පැමිණෙන අමුත්තන්හට වෙලාවක් වෙන්කරවාගෙන පැමිණීමේ පහසුකම සැපයීම සඳහා වෙබ් යෙදවුමක් හඳුන්වා දී තිබේ. මෙමගින් රැඳවියන් මුනගැසීමට පැමිණෙන අමුත්තන්ගේ තදබදය අවම කිරීමත් ඔවුන්ට පහසු වෙලාවක් වෙන්කරගෙන පැමිණීමෙන් ඔවුන්ගේ කාලය ඉතිරිකර [......]

2020-12-23T18:41:20+05:30දෙසැම්බර් 15, 2020|

දළුපොත තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය කාන්තා රැඳවියන්ගේ නිරෝධායන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරීම.

බන්ධනාගාර තුල කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ගතහැකි කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තා රැඳවියන්ට ප්‍රතිකාර කිරීමට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීම සඳහා මීගමුව දළුපොත තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය කාන්තා රැඳවියන් නිරෝධායන සහ ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලදී. මේ සඳහා [......]

2020-11-14T04:07:55+05:30නොවැම්බර් 13, 2020|

බන්ධනාගාර නේවාසිකයින් වෙනුවෙන් මුඛ ආවරණ 40,000 ක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය

දිවයින පුරා බන්ධනාගාර ආයතන වල රදවා සිටින 33,000 අධික වු නේවාසිකයින් කොරෝනා වෛසරයේ බලපෑමෙන් සුරක්ෂා කොට ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා ඔවුන් වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අනුග්‍රහය ලබාදෙන ලෙස ගරු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මැතිතුමා විසින් ජාත්‍යයන්තර රතු කුරුස සංවිධානයෙන් කරන ලද ඉල්ලීමකට [......]

2020-11-05T13:58:25+05:30නොවැම්බර් 4, 2020|

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා නව වෙබ් අඩවියක්

බන්ධනාගාර සැලසුම් හා තොරතුරු තාක්ෂණ අංශය විසින් සංවර්ධනය කරන ලද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා නව වෙබ් අඩවියක් එලි දැක්වීම 2020-09-24 වන බ්‍රහස්පතින්දා දින උදෑසන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිර කරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි. මෙම අවස්තාව සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිර කරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය, එම [......]

2020-09-30T08:15:19+05:30සැප්තැම්බර් 25, 2020|

‘සතිය’ මත පදනම්ව සති පාසල නම් වැඩසටහන වැලිකඩ බන්ධනාගාරය තුල ක්‍රියාත්මක කිරීම

වැලිකඩ බන්ධනාගාර අධිකාරි එම්.එෆ්. ලාහිර් මහතා සහ වැලිකඩ පුනරුත්ථාපන අංශය ඇතුළු බන්ධනාගාර නිලධාරීන්ගේ සංවිධානයෙන්, ගරු  තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන ගරු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිනියගේ ප්‍රධානත්වයෙන් 'වියත්මග' සාමාජිකයින් විසින් වැලිකඩ බන්ධනාගාරය තුල තරුණ නේවාසිකයින් උදෙසා 'සති පාසල' [......]

2020-09-23T23:47:44+05:30සැප්තැම්බර් 19, 2020|
Go to Top