බන්ධනාගාරගතවන රැඳවියන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම බන්ධනාගාර දෙපාතර්මේන්තුවේ සුවිශේෂි අරමුණක් වන අතර එම අරමුණ මුදුන්පත් කරගනු වස් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විවිධ පැතිකඩයන් ඔස්සේ ප්රයත්නයන් දරනු ලබන අතර රැඳවියන් කලාවට හා රසවින්දනයට යොමුකිරීම එවැනි එක් ප්රයත්නයකි.
ඒ අනුව බන්ධනාගාරතව සිටින නේවාසිකයින්ගේ සහ රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ගේ සහජ හැකියාවන් හඳුනාගනිමින් ගායනයට, රංගනයට, වාදනයට හා නර්තනයට ඔවුන් තුළ ඇති කුසලතාවයන් තවදුරටත් ඔප මට්ටම් කරමින් කරලියට ගෙන එනු ලැබු “ලිලත සිර සර II” ප්‍රසංගය 2023.11.10 දින නෙළුම් පොකුන රඟහලේ දී සාර්ථකව සමාප්ත විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා සිරකරු සුභසාධක සංගමය (වැලිකඩ උප කමිටුව) එක්ව සංවිධානය කරන ලද මෙම ප්‍රසංගය යේදී බන්ධනාගාරගත නේවාසිකයින් ගායන, වාදන, නර්ථන, රංගන, අංගම් පොර හා තාල වාද්‍යය අංගයන් ඉදිරිපත් කරමින් පැමිණි සිටි ආරාධිත අමුත්තන් හා ප්‍රේක්ෂකාගාරය අමන්දානන්දයට පත් කරන ලදි. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් රැසක්ද මෙහි දී තම කුසලතාවයන් ඉදිරිපත්කල අතර ප්‍රවීණ කලා කරුවන්වන ගායන ශිල්පි කීර්ති පැස්කුවෙල් මහතා, ගායන ශිල්පිනි විශාරද සමිතා එරන්දති මුදුන්කොටුව මහත්මිය වැනි ප්රවිණයන් ප්‍රසංගය තවදුරටත් විචිත්‍රවත් කරන ලදි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ මුලිකත්වයෙන් සංවිධානය කරන්නට යෙදුණු මෙම වැඩසටහන සාර්ථකව නිමකිරීම සඳහා විශ්‍රාමික අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා, වර්තමාන අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගාමිණී බී දිසානායක මහතා, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා, සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු බන්ධනාගාර නිලධාරීන් විශාල දායකත්වයක් ලබාදෙන ලදි.
ගායනය හා වාදන අංගයන් සඳහා ප්‍රවීන ගායන ශිල්පී කිර්ති පැස්කුවෙල් මහතාද, බටහිර නර්ථන අංගයන් සඳහා සුපුන් අබේසිංහ මහතා හා දිල්ෂි ශ්‍යාමා මහත්මිය ප්රමුඛ Island Stompers නර්ථන කණ්ඩායමද, සංස්කෘතික නර්ථන අංගයන් සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නැටුම් කණ්ඩායමද, අනෙකුත් නර්ථන අංගයන් සඳහා නර්ථන ආචාරිනි නදීකා පෙරේරා මහත්මියද, වේදිකා නාට්‍ය ගී අංගයන් හා රංගනය සඳහා ප්‍රවීණ රංගධර ආචාර්ය සනත් විමලසිරි මහතා හා සම්මාණනීය රංගන ශීල්පිනී උමාලි තිලකරත්න මහත්මියද, බෙරවාදන අංගයන් සඳහා නාද්රෝ නිර්මාතෘ සහ නිර්මාණ අධ්යක්ෂ භේරි වාද්‍ය ශිල්පි රඛිත වික්‍රමරත්න මහතාද, ගීත පුහුණුවීම් (බටහිර) අංගයන් සඳහා ගායිකා අශාන්ති ද අල්විස් මහත්මියද, අංගම්පොර අංගයන්ට ප්‍රවීණ අංගම්පොර සටන් කලා අධ්යක්ෂ සදුන් ප්‍රනාන්දු මහතාද, නේවාසික වාද්‍ය වෘන්දය මෙහෙයවීම හා ගායනා පුහුණු කිරීම සඳහා පුනරුත්ථාපන නිලධාරී විශාරද මුදිත ප්‍රභාත් එරත්න මහතාද උපදේශකත්වය හා මඟපෙන්වීම සිදුකරන ලදි. එමෙන්ම ප්‍රසංගය මෙහෙයවීම ප්‍රවීණ නිවේදක කමල් කාරියවසම් මහතා හා ප්‍රවීණ නිවේදිකාවන් වන ස්ටේෆ්නි සිරිවර්ධන හා වාසනා ලක්මාලි යන මහත්මීන් විසින් සිදුකරන ලදි.