වටරැක එළිමහන් සිරකඳවුරේ ඉදිකළ චෛත්යරාජානන් වහන්සේගේ කොත නිරාවරනය කිරීම හා ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ මහා පුන්යොත්සවය මහා සංගරත්නයේ ආශිර්වාදයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සුරතින් 2023.12.26 වන උදුවප් පොහෝ දින පෙ.ව.10.11ට තිබු සුභ මොහොතින් සිදු විය
මෙම පුණ්ය කටයුත්ත සිදු කරමින් මහාසංඝරත්නය උදෙසා දහවල් දානමය පිංකමක් සිදු කළ අතර, එම අවස්ථාව සඳහා බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) බී.එම්.යු.ජී.ඒ.කේ.බස්නායක මහතා, බන්ධනාගාර අධිකාරී වසන්ත කුමාර ඩෙෆ් මහතා, පුනරුත්ථාපන අධිකාරී ජයන්ත අදාසූරිය මහතා, ගාල්ල බන්ධනාගාර අධිකාරී පුලින කරුණාරත්න මහතා, සහකාර බන්ධනාගාර අධිකාරී ප්රසාද් ප්රේමතිලක මහතා, සිරකරු සුභසාධක ප්රාදේශීය සංගමයේ සභාපති ඒ.වි.තිලක් මහතා, හෝමාගම ප්රාදේශීය ලේකම් ඩී.ඒ.ඩී. චින්තක මහතා, වටරැක සිර කඳවුරේ ප්රධාන ජේලර් බුද්ධික පෙරේරා මහතා ඇතුළු එළිමහන් සිරකඳවුරේ නිළධාරීන් හා ප්රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී විය.