ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වර්ෂ 1905 ජූලී මස 16 වන දින ස්වාධින දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කර වසර 118 ක අභිමානවත් සංවත්සරය සැමරීම හා බන්ධනාගාර සේවයේ යෙදී සිටි‍යදී තම ජීවිතය රාජකාරිය වෙනු‍වෙන් පරිත්‍යාග කළ උදාර බන්ධනාගාර නිළධාරීන් 15 ‍දෙනෙකු අනුස්මරණය කරමින් ඔවුන්වෙත පුෂ්පෝපහාර පැවැත්වීමේ උත්සවය වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ඇති නිළධාරී අනුස්මරණ ස්මාරකය අසලදී 2023.07.20 වන දින සවස 04.00 ට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙහිදී මියගිය නිළධාරීන් වෙනුවෙන් බන්ධනාගාර නිළධාරී අනුඛණ්ඩය විසින් උත්තමාචාරය පුදකළ අතර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා ඇතුළු බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා පවුලේ ඥ‍ාතීන් පුෂ්පෝපහාරය දැක්විය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් මියගිය නිළධාරීන්ගේ දු දරුවන් වෙනුවෙන් ත්‍යාග පිරිනමා ඔවුන්ගේ ඉදිරි අන‍ාගය සදහා සුභාශිංසන එක් කරන ලදී. අනතුරුව පැමිණ සිටි සියලු දෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද බන්ධනාගාර මූලස්ථාන පරීශ්‍රයේ සුදානම් කරන ලදී.

මෙම අවස්ථාව සදහා බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) කේ.ඒ.ඒස්.කොඩිතුවක්කු මහතා, කොමසාරිස් (මුදල්) අනුරාධ රාජසිංහ මහතා, අධ්‍යක්ෂ (සැලසුම්) එන්.සුරංජි විජේවර්ධන මිය, අධ්‍යක්ෂ (ඉංජිනෙරු) ප්‍රසාද් ඉන්දික මහතා, වෛද්‍ය අධ්‍යක්ෂක (බන්ධනාගාර ‍‍‍‍‍ෙවෙද්‍ය සේවා) හේමන්ත රණසිංහ මහතා, ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමන්ගේ පුද්ගලික ලේකම් සිරිල් ගමගේ මැතිතුමා, බන්ධනාගාර මූලස්ථාන අධිකාරී ගාමිණි බී දිසානායක මහතා ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් සහභාගී විය.