බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පැවති පුරප්පාඩු සඳහා බඳවා ගන්නා ලද ආධුනික නියාමක නිලධාරීන් පුහුණු පාඨමාලාව අවසන් කර විසිර යාමේ උත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.09.25 වන දින පෙරවරු 9.30 ට අගුණකොළපැලැස්ස බන්ධනාගාර පුහුණු පාසල් ක්‍රිඩංගණයේදි  පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමා ද සහභාගී වු අතර, එම අවස්ථාවේදි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් අමාත්‍යවරුන් දෙදෙනා වෙත සමුරු තිළිණ  ප්‍රධානය කරන ලදි.

බදවා ගන්නා ලද ආධුනික බන්ධනාගාර නියාමක නිලධාරින් 195 ක් මෙදින විසිර යාම සිදු වු  අතර, නියාමක නිලධාරින් 175 ක් හා කාන්තා නියාමක නිලධාරින් 20 ක් ඒ අතර විය. පුහුණු පාඨමාලාව හැදැරීමේදි දක්ෂතා පෙන්වු, නිලධාරි නිලධාරිනියන්ට අමාත්‍යතුමාගේ සුරතින් සම්මාන ප්‍රධානය ද සිදු විය.

ඒ අනුව පන්තියේ දක්ෂතම නිලධාරියා ආධුනික නියාමක ඩබි.ජි.තරිඳු ජිවන්, දක්ෂතම වෙඩි තබන්නා ආධුනික නියාමක  ඒ.එම්.කේ.කේ.අත්තනායක, දක්ෂතම මළල ක්‍රිඩකයා  ආධුනික නියාමක ජේ.පි.එස්.ෂෙහාන්, දක්ෂතම ඝණ සරඹ නිලධාරියා ආධුනික නියාමක ඩි.එම්.ජේ.එස්.කරුනාරත්න,  සෑම අතින්ම අතිශුර නිලධාරිණිය ලෙස පි.එස් ප්‍රියදර්ශණි හා සෑම අතින්ම අතිශුර නිලධාරියා ලෙස  ඒ.එම්. ක්‍රිෂාන් කැලුම් නිලධාරින් සම්මානයට පත්‍ර විය.

මෙම විශේෂ අවස්ථාව සඳහා අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටි.අයි. උඩුවර මහතා , බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) කේ.ඒ.එස්. කොඩිතුවක්කු මහතා, අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) සුරංජි විජේවර්ධන මහත්මිය, බන්ධනාගාර මුලස්ථාන අධිකාරි ජේ.සි.වීරසිංහ මහතා, පුහුණු අධ්‍යක්ෂ සේනක පල්ලෙතැන්න මහතා ඇතුළු බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා අමුත්තන් රැසක් සහභාගිී විය.