2022 රාජ්‍ය මුල්‍ය ගණකාධිකාරීවරුන්‍‍ගේ සංගමයේ APFA  වාර්ෂික සම්මන්ත්‍රණය සහ හොදම කාර්ය සාධන වාර්ථාව හා ගිණුම් සඳහා සම්මාන ප්‍රධානෝත්සවය ‍කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) දී 2022.12.02 දින  පවත්වන ලදී.

 

එය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (CA SL) සහ ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ලදී.  2020 වර්ෂයේ ඉදිරිපත් කරන ලද කාර්ය සාධන වාර්ථාව සහ ගිණුම් සඳහා දෙපාර්තමේන්තු කාණ්ඩ‍යේ රන් සම්මානය බන්ධනාගාර දෙපාර්තමේන්තුව හිමිකරගන්නා ලද අතර, සම්මානය ලබා ගැනීම සඳහා බන්ධනාගාර ‍කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හා නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) කංචනා මහතන්තිල මෙනවිය  සහභාගී විය.

 

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිළධාරීන් කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමේ ප්‍රථිඵලයක් ලෙස මෙම සම්මානයට පාත්‍ර වු අතර, මෙම සම්මානය බන්ධනාගාර දෙපාර්තමේන්තුව හිමිකරගත් ප්‍රථම අවස්ථාව ද වේ. ගිණුම්කරණ හා කාර්ය සාධනය පසුගිය වසර වල ඉතා ඉහල මට්ටමක පැවතීම මෙම සම්මානය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබා ගැනීමට හේතුවක් විය.

 

මෙම අවස්ථාවට සහභාගී වු මහා භාණ්ඩාගාරයේ  ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා, ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ යතන‍යේ සභාපති සංජය බණ්ඩාර මහතා, ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති වී.කනගසභාපති ඇතුළු මහත්වරුන්   දේශණ පවත්වන ලදී.