2022 අන්තර් බන්ධනාගාර ටෙනිස් තරඟාවලිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.11.26 හා 27  ‍දෙදින පුරා බන්ධනාගාර ටෙනිස් ක්‍රිඩාපිටි‍යේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

ඒ අනුව මෙවර අන්තර් බන්ධනාගාර ටෙනිස් තරඟාවලිය දිවා රාත්‍රි තරඟාවලියක් ලෙස පැවැත් වු අතර, එහි සංවිධාන කටයුතු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය විසින් සිදු කරන ලදී.

මෙම තරඟාවලිය සඳහා බන්ධනාගාර 16 ක  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 130 ක් පමණ සහභාගී වු අතර, වයස් කාණ්ඩ කීපයක් යටතේ පැවති තරඟාවලියේ සමස්ථ ශුරතාවය සහකාර බන්ධනාගාර අධිකාරී රජිව් ශ්‍රීමාල් සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් කොළඹ රිමාණ්ඩ් බන්ධනාගාර කණ්ඩායම විසින් ද, අනුශුරතාවය ප්‍රධාන ජේලර් නාමල් එදිරිසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා කණ්ඩායම ද, තෙවන ස්ථානය සහකාර අධිකාරී ඊ.එම්.එස්.මහානාම මහතා‍ගේ නායකත්වයෙන් යුත් වීරවිල එළිමහන් සිරකඳවුර කණ්ඩායම විසින් ද දිනා ගත්හ.

එහිදී වයස අවුරුදු 40න් ඉහල පිරිමි ශූරතාවය බන්ධනාගාර මූලස්ථානයේ ප්‍රබුද්ධ සිරිවර්ධන මහතා, වයස අවුරුදු 50න් ඉහල ශූරතාවය මහර බන්ධනාගාරයේ කිත්සිරි ආනන්ද මහතා, වයස අවුරුදු 45න් ඉහල කාන්තා ශූරතාවය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලන්ති ප්‍රියංගිකා මහත්මිය විසින් දිනාගන්නා ලදී.

මෙම තරඟාවලියේ පිරිමි විවෘත අංශයේ ශූරතාවය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර කණ්ඩායම විසින් දිනා ගත් අතර, කාන්තා විවෘත තරගය කේවල ඉසව්වක් ලෙස පැවැත්විණි. එහි ශූරතාවය වැලිකඩ බන්ධනාගාරයේ උදාරී රුවන්තිකා මහත්මිය විසින් හිමිකර ගන්නා ලදී.

මෙම විශේෂ අවස්ථාව සඳහා අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) කේ.ඒ.එස්.කොඩිතුවක්කු මහතා, බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ ටෙනිස් සභාපති බන්ධනාගාර අධිකාරී සේනක පල්ලේතැන්න මහතා, අන්තර් ජාතික ටෙනිස් පුහුණුකරු ඉන්ද්‍රකුමාර් ගණනාදන් මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරී යු.බි.වලිසුන්දර මහතා, හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ සහකාර අධිකාරී ප්‍රසාද් ‍ ‍ ප්‍රේමතිලක මහතා, බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ ටෙනිස් ලේකම් හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නාමල් එදිරිසිංහ මහතා ඇතුළු බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ. මෙම තරඟාවලිය අවසානය සනිටුහන් කරමින් සුහද හමුවක් ද පැවැත්විණි.