කොවිඩ් ප්‍රතිශක්තීකරණ වර්ධන වැඩසටහන යටතේ අවදානම් රාජකාරීන් වල නිරතවන බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ්-19 වෛරස් ප්‍රතිශක්තීකරණ එන්නතක් වන ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමට රජය තීරණය කර ඇති අතර එහි මූලික අධියර ලෙස බස්නාහිර පලාතේ සේවයේ නියතු සියළු බන්ධනාගාර නිලධාරීන් සඳහා 2021-02-16/ 17/ 18 යන දින තුන තුලදී එන්නත් කිරීමට තීරණය කර ඇත.

එහි ආරම්භක දිනය වූ අද දින (2021-02-16) බන්ධනාගාර නිලධාරීන් සඳහා එන්නත් කිරීම බන්ධනාගාර කොමසාරිස් (පාලන / පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන) චන්දන ඒකනායක මහතා ඇතුලු බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉහල නිලධාරීන්ගේ මූලිකත්වයෙන් හා අධ්‍යක්ෂ (බන්ධනාගාර සෞඛ්‍ය සේවා) වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා, බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඇතුලු වෛද්‍ය කාර්යමණ්ඩලය හා බන්ධනාගාර දෙපාර්තමෙන්තු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන් බන්ධනාගාර පුහුණු පාසල ඉදිරිපිටදී නිරෝධායන නීති රීති වලට අනුව පවත්වන ලදී.