දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත උසස්වීම් ලද 43 වන සැරයන් නිලධාරී කණ්ඩායමේ එම තනතුරට අදාල මූලික පුහුණු පාඨමාලාව 2021-02-15 වන දින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයේ ආරම්භ කල අතර එම පුහුණුව අභිනවයෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ස්ථාපිත පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ අනු ශාඛාව මගින් මෙහෙයවනු ලබයි.

මෙම පුහුණුව සඳහා නිලධාරීන් 117 දෙනෙකු සුදුසුකම් ලද අතර මෙම පිරිස කණ්ඩායම් දෙකකට වෙන් කොට අදියර දෙකක් වශයෙන් පුහුණු කිරීමට තීරණය කර ඇත. ප්‍රථම කණ්ඩායමට නිලධාරීන් 67 දෙනෙකු ඇතුලත් වන අතර ඉන් 60 දෙනෙකු සැරයන් නිලධාරීන් වන අතර 07 දෙනෙකු කාන්තා සැරයන් නිලධාරිනියන් වේ.

පුහුණු කාලය දින 14 ක් වන මෙම පුහුණු පාඨමාලාවේ ආරම්භක උත්සවය ඉතා උත්කර්ශවත් අයුරින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. මෙම අවස්ථාව සඳහා අතිරේඛ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුසිත උඩුවර මහතා, පුහුණු මධ්‍යස්ථාන අධිකාරි (අධ්‍යක්ෂ පුහුණු) එම්. එෆ්. ලාහීර් මහතා, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරි එස්.කේ. පල්ලේතැන්න මහතා, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර සහකාර අධිකාරි අජිත් පල්ලියගේ මහතා, පුහුණු මධ්‍යස්ථාන ප්‍රධාන ජේලර් එච්.ඩී.කේ.එන්. ප්‍රේමවංශ මහතා, ප්‍රධාන සරඹ උපදේශක අමිත් ගුණවර්ධන මහතා ඇතුලු පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරීන්ද සහභාගී විය. සැරයන් නිලධාරීන්ගේ ‍මෙම පාඨමාලාව ආරම්භ කරමින් ආරම්භක දේශණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් පවත්වන ලදී.