බන්ධනාගාර ආයතනවල කොවිඩ් මර්ධනය හා සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා විසින් එතුමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස ශරීර උෂ්ණත්වය මනින විද්‍යුත් උෂ්ණත්වමාන කට්ටල 30ක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම උපකරණ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා වෙත හා බන්ධනාගාර ප්‍රධාන වෛද්‍ය නිළධාරී හේමන්ත රණසිංහ මහතා වෙත පරිත්‍යාග කිරීම අද දින බන්ධනාගාර මූලස්ථානයේදී සිදුකල අතර මෙම අවස්ථාව සදහා බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා හා බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) කේ.ඒ.එස්. කොඩිතුවක්කු මහතාද සහභාගී විය. මෙම උපකරණ ඉදිරියේදී දිවයින පුරා පිහිටි බන්ධනාගාර ආයතන වල ප්‍රයෝජනයට ගැනීම සදහා ලබාදීමට නියමිතය