කුරුවිට බන්ධනාගාරයේ අධිකාරි වන ඩී.ආර්.ඩී. දසනායක මහතාගේ ඉල්ලීම පිරිදි සබරගමු පළාත් ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා විසින් රුපියල් ලක්ෂ 05 ක මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමෙන් අනතුරුව කුරුවිට බන්ධනාගාරයේ නියාමක ඩබ්.ජී. රත්නසේකර හා නියාමක වරුණ ගුණසේකර මහත්වරුන්ගේ අප්‍රතිහත සහයෝගයෙන් ඉදිකරන ලද දිවා රාත්‍රී ක්‍රීඩා කල හැකි විදුලි පහන් සහිත අත්පන්දු ක්‍රීඩා පිටිය 2021-01-13 වන දින ප.ව. 5.00 ට කුරුවිට බන්ධනාගාර අධිකාරි ඩී.ආර්.ඩී. දසනායක මහතාගේ සුරතින් විවෘත කරන ලදී.