2021 ජනවාරි මස 14 දිනට යෙදුන තෛපොන්ගල් උත්සවය හින්දු ජනතාවගේ නව වසර පිළිගැනීම සහ ජීවය ලබා දෙන හිරු දෙවියන්ට තුති පිදීම වෙනුවෙන් පවත්වන සුවිශේෂී උත්සවයකි. වැඩිම හින්දු රැඳවියන් පිරිසක් සිටින යාපනය බන්ධනාගාරය ඒ වෙනුවෙන් විශේෂ දේව පූජාවක් සහ උත්සවයක් සංවිධානය කර තිබුනි. යාපනය බන්ධනාගාර ප්‍රධාන ජේලර් එච්.එම්.ඩී. හේරත් මහතා ඇතුලු සියළුම නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ සහභාගීත්වයෙන් හින්දු චාරිත්‍ර වාරිත්‍ර වලට අනුකූලව කොවිඩ් වසංගත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම උත්සවය පවත්වන ලදී.