අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ  ලේකම් වසන්තා පෙරේරා මහත්මිය බන්ධනාගාර ආයතන කටයුතු සොයා බැලීම සඳහා 2021.09.18 වන දින දුම්බර බන්ධනාගාරය හා පල්ලේකැලේ එළිමහන් සිර කඳවුර තුළ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදි ආයතනයන් තුළ නව ඉදිකිරීම් , නව ව්‍යාපෘතීන් පිළිබදවත් රැඳවිය‍න්ගේ ‍නේවාසිකාගාර, බන්ධනාගාර රෝහල හා නේවාසිකයන්ට ලබා දී ඇති පොදු පසහුකම් පිළිබද ලේකම්තුමියගේ විශේෂ අවධානයට යොමු විය.

මෙම විශේෂ අවස්ථාව සඳහා බන්ධනාගාර කොමසාරිමස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, දුම්බර බන්ධනාගාර අධිකාරී සමන්ත අලහකෝන් මහතා, පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ බන්ධනාගාර අධිකාරී යු.ජී.ඩබ්.තෙන්නකෝන් මහතා ඇතුළු බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී විය.