බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත බඳවා ගන්නා ලද ආධුනික බන්ධනාගාර නිළධාරීන්    2022.05.28 දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් අගුණකොලපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනයේදී විසිර යන ලදී.

බදවාගන්නා ලද 103 A කණ්ඩායමේ ආධුනික බන්ධනාගාර නියාමක (පිරිමි) නිළධාරීන් 181 ද ,ආධුනික බන්ධනාගාර (කාන්තා) නිළධාරිනීයන් 23 ද, ඇතුලුව සියල්ල 204 දෙනෙකු මූලික නේවාසික පුහුණු පාඨමාලාව අවසන් කර විසිර ගිය අතර, එම කණ්ඩායමේ දක්ෂතම මළල ක්‍රීඩකයා, සෑම අතින්ම අතිශූර නිලධාරියා, පන්තියේ දක්ෂතම නිළධාරියා, දක්ෂතම වෙඩි තබන්නා, දක්ෂතම ඝණ සරඹ නිළධාරීයාට හිමි සම්මාන බන්ධනාගාර ‍‍කොමසාරිස් ජනරාල්තුමාගේ සුරතින් සම්මානයට පාත්‍ර විය.

මෙම විශේෂ අවස්ථාව සඳහා අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) කේ.ඒ.එස්.කොඩිතුවක්කු මහතා   බන්ධනාගාර පුහුණු පාසලේ අධ්‍යක්ෂ පුහුණු බන්ධනාගාර අධිකාරී එස්.කේ පල්ලේතැන්න මහතා හා ප්‍රධාන ජේලර් එච්.ඩි.කේ.එන්.ප්‍රේමවංශ මහතා ඇතුළුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් හා ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.