දිවයිනේ බන්ධනාගාර ආයතන අතුරින් තෝරාගත්  රැදවියන්ගේ කාව්‍ය නිර්මාණ 106ක එකතුවෙන් හැඩ වු සිපිරිගේ පාමුල 2 කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යු.එම්. අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.03.11 වැනි දින සවස 3.00ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී  උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතාගේ  සංකල්පයක් මත බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ මග පෙන්වීම යටතේ දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතන වල නේවාසිකයන්ගේ නිර්මාණ ඇතුලත් සිපිරි‍ගේ පාමුල 02 කාව්‍ය සංග්‍රහයක් ලෙස  එළිදක්වන ලදී.

මෙදින ආරාධිත දේශකයින් ලෙස ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්දදාස ගලප්පත්ති මහතා හා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති‍, ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ අජිත් රෝහණ මහතා, සම්මානලාභී නිළි හා ප්‍රවීන නි‍වේදිකා නිරන්ජණී ශණ්මුගරාජා සහභාගී වු අතර, කලා‍වේදී විශාරද ජගත් වික්‍රමසිංහයන් හා විශාරද ප්‍රදීපා ධර්මදාස මහත්මිය ගායනයෙන් එක්විය.

මෙම අවස්ථාව සදහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා , බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) කේ.ඒ.එස්.කොඩිතුවක්කු මහතා, ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තු‍වේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා අමුත්තන් රැසක් සහභාගී විය.