අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුල ඇති කෘෂිකාර්මික කටයුතු මෙන්ම අනෙකුත් කර්මාන්ත කටයුතු සදහා සිරකරුවන්ගේ ශ්‍රමය ඵලදායි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ‍‍‍‍ යෝජනාවලියක් සකස්කරන ලදී.

එම යෝජනාවලිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දේණිය මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ජනාධිපති නීතිඥ අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත 2022.06.06 වන දින අධිකරණ අමාත්‍යංශයේදී  පිළිගන්වන ලදී.

ඒ අතර බන්ධනාගාර රැඳවියන් කෘෂිකාර්මික කටයුතු හා අනෙකුත් කර්මාන්ත  සදහා  ඵලදායි ලෙස යෙදවීමත්, ඉදිරියේදී ආහාර හිඟයක් ඇතිවුවහොත් ඒ සදහා මුහුණ දීමට  බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව පවතින වගා නොකළ ඉඩම් වගා කිරීමටත්, දැනට සිදුකරගෙන යනු ලබන වගා කටයුතු වැඩි දියුණු කිරීමටත්, කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවෙන්  උපදෙස් ලබා ගැනීමටත්, අනෙකුත් කර්මාන්ත වැඩිදියුණු කිරීම හා ඒ සදහා සිරකරුවන් යෙදවීමටත් අවධානය යොමු කරන  ලදී.

එම අවස්ථාව සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්  මේජර් ජනරාල් දර්ශණ හෙට්ටිආරච්චි මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන,පුනරුත්ථාපන,මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායන මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) මලීන් ලියනගේ මහතා , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා, ඇතුළු අධිකරණ අමාත්‍යංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  නිලධාරින්  සහභාගි විය.