බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පැවැති පුරප්පාඩු සදහා බදවාගත් ආධුනික බන්ධනාගාර II පෙළ ජේලර් හා පුනරුත්ථාපන නිළධාරින් 2021.11.26 වන දින අධිකරණ අමාත්‍යංශයේ ගරු අමාත්‍ය ජනාධිපති නිතිඥ එම්.යු.එම්.අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගුණකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනයේදී විසිර යන ලදී.

­­­

බදවාගන්නා ලද II පෙළ ජේලර් (පිරිමි/කාන්තා) 70ක්ද පුනරුත්ථාපන නිළධාරන් (පිරිමි/කාන්තා)  14ක් මෙදින විසිර ගිය අතර, එම කණ්ඩායමේ දක්ෂතම මළල ක්‍රීඩකයා හා සෑම අතින්ම අති ශූර නිළධාරියාට හිමි සම්මානය ආධුනික ජේලර් ඩබ්.විශ්ව වික්‍රමනායක ද, පන්තියේ දක්ෂතම නිළධාරියාට හිමි සම්මානය ආධුනික ජේලර් ඩී.එම්.ඒ.කේ.ජී.එස්.පී.දිසානායක ද, දක්ෂතම වෙඩි තබන්නා හා දක්ෂතම ඝණ සරඝ නිළධාරියා ආධුනික ජේලර් ජේ.එච්.එන්.අකලංක නිළධාරියා සම්මානයට පාත්‍ර විය.

මෙම විසිරයාමේ උත්සවය සදහා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු අමාත්‍යංශයේ ගරු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්.සිල්වා මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) මලින් ලියනගේ මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) එස්.කේ.කොඩිතුවක්කු මහතා බන්ධනාගාර කොමසාරිස් (මුදල්) යු.ඒ.රාජසිංහ මහතා ඇතුළු බන්ධනාගාර ‍දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් රැසක් සහභාගී විය.