මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු රැදවියන් පුනරුත්ථාපනය තුළින් නැවත යහපත් පුද්ගලයන් ලෙස සමාජ ගත කිරී‍මේ  “අමදිවි රිද්ම” ව්‍යාපෘති වැඩසටනක් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2021.11.26 වන දින වීරවිල එළිමහන් සිරකදවුරේ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

සිරකදවුර තුළ පවත්වාගෙන යනු ලබන මත්ද්‍රව්‍ය ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ විශේෂ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කටයුතු හා  කදවුරේ බන්ධනාගාර රෝහල, රැදවියන්ගේ නේවාසිකාගාර, ඔවුන්ට ලබා දී ඇති පොදු පහසුකම් පිළිබද ගරු අමාත්‍යතුමගේ විශේෂ අවධානය යොමු වීය.

මේ අවස්ථාව සදහා බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්.සිල්වා මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) මලීන් ලියනගේ මහතා, බන්ධනාගාර කොමසාරිස් ( සැපයුම්) කේ.ඒ.එස්.කොඩිතුවක්කු මහතා, බන්ධනාගාර කොමසාරිස් (මුදල්) යු.ඒ.රාජසිංහ මහතා, ගරු අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා වීරවිල එළිමහන් සිරකදවුරේ සහකාර බන්ධනාගාර අධිකාරී ඊ.එම්.එස්.මහානාම මහතා ඇතුළු බන්ධනාගාර නිළධාරින් මෙම වැඩසටහනට සහභාගී විය.