අඹේපුස්ස පබෝදා මෙත් සෙවන ප්‍රථිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථනයේ ක්‍රියාත්මක වන බන්ධනාගාරගත වී සිටින රැදවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම සදහා “අමදිවි රිද්ම” පුනරුත්ථාපන  ව්‍යාපෘතියේ කටයුතු  සොයා බැලීමේ සදහා බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරිමේ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්.සිල්වා මහතා 2021.12.01 දින නිරික්ෂණ චාරිකාවක ‍යෙදුන අතර, ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් එම නිළධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් ‍පුනරුත්ථාපන මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.

­­­­­

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවුවන් වෙනුවෙන් ඉදිකර ඇති බන්ධනාගාර රෝහල, නේවාසිකාගාර හා ලබා දී ඇති පොදු පහසුකම් පිළිබදව ද ලේකම්තුමාගේ අවධානය‍ යොමු විය.

මෙම අවස්ථාව සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, අමාත්‍යංශ අධ්‍යක්ෂ (සැලසුම්) චන්දික ලොකුහෙට්ටිගේ මහතා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ‍කථිකාචාර්ය ඥානදාස පෙරේරා මහතා, අඹේපුස්ස පුනරුත්ථාපන මධ්‍යස්ථනයේ සහාකාර බන්ධනාගාර අධිකාරී එස්.ඒ.එස්.අයි.පි.පෙරේරා   මහතා ඇතුළු පුනරුත්ථාපන නිළධාරින් හා බන්ධනාගාර නිළධාරින් සහභාගී විය.