බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම වාතාවට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ වසර 12 ක සේවා කාලයක් නිම කර නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වු නිලධාරින් 194 දෙනෙකු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය වෙත බඳවා ගන්නා ලදි .

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැක්ම හා මෙහෙවර තව දුරටත් ක්‍රියාවට නංවමින් දෙපාර්තමේන්තුවේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය තව දුරටත් විධිමත්ව හා ක්‍රියාකාරී අංශයක් ලෙස ස්ථාපිත කිරිමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා ගත් තවත් උත්සහයක ප්‍රතිඵලයක් ලෙස 2022.01.26 වන දින අගුණකොළපැලැස්ස පුහුණු පාසලෙන් ආධුනික නියාමක නිලධාරින් 194 දෙනෙකු පහුණු පාඨමාලාව අවසන් කර අගුණකොලපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනයේ දී විසිර යන ලදි .

එහිදි තම පුහුණු පාඨමාලාව පුරාවටම විශේෂ දස්කම් දක්වන ලද ආධුනික නියාමක නිලධාරීන් ලෙස දක්ෂතම මළල ක්‍රීඩකයා , දක්ෂතම ඝන සරඹ නිලධාරීයා , හා සෑම අතින්ම අතිශූර නිලධාරීයා ලෙස ආධුනික නියාමක එස්.එච්.එස්.විජේරත්න නිලධාරීයාත් , පංතියේ දක්ෂතම නිලධාරීයා ලෙස එම්.ඩි.ආර්.විජේරත්න නිලධාරීයාත්, දක්ෂතම වෙඩි තබන්නා ලෙස එච්.එම්.ඩි.පි.හේරත් නිලධාරීයාත් සම්මාන ලබා ගන්නා ලදි.

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිළ ලාංඡනය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා විසින් ආරක්ෂක ලේකම් ජෙනරල් ජී.ඩී.එච්.කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා වෙත පිළිගන්වන ලදී .

මෙම විසිරයාමේ උත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් ජෙනරල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න ( විශ්‍රාමික ) මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා , අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි. උඩුවර මහතා බන්ධනාගාර කොමසාරිස් (පාලන/පුනරුත්ථාපන/මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) කේ.ඒ.එස්.කොඩිතුවක්කු මහතා බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) මලීන් ලියනගේ මහතා ඇතුළු බන්ධනාගාර දෙපාරතමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන් හා විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය‍.