ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 21 වන දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්. උපුල්දෙණිය මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කැබිනට් අනුමැතිය මත පත්කරන ලද අතර අද දින අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මැතිතුමාගේ සුරතින් එම තනතුරට අදාල පත්වීම් ලිපිය භාරගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා එම අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතාද සහභාගී වන ලදී. වර්ෂ 1905 දී දෙපාර්තමේන්තුවක් වශයෙන් ස්ථාපිත වූ පසු ප්‍රථම බන්ධනාගාර ඉන්ස්පෙක්ටර් ජනරාල් වරයා ලෙස මේජර් ඒ.ඩී. විල්ටන් මහතා කටයුතු කර ඇත.