බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් ෆවල් සාමිතුමාගේ 164 වන ජන්ම දිනය නිමිත්තෙන් වැලිකඩ බන්ධනාගාරයේ 29 වන “විකුම්” බාලදක්ෂ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ජන්ම දින සැමරුම් උත්සවය අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි. උඩුවර මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස් (මානවක හා තොරතුරු තාක්ෂණ) ශ්‍රීලත් ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් 2021.02.22 වන දින පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ බී.පී. ප්‍රතිමාව අසලදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.

මෙම උත්සවය සඳහා ප්‍රථම වරට මානවක බාලදක්ෂ සමාජයේ තූර්ය වාදක කණ්ඩායම සහභාගී වුන අතර නේවාසික මානවක බාලදක්ෂයින්ගේ උත්තමාචාර නිල පෙරට්ටුවක් පවත්වන ලදි තවද මෙවර බේඩ්න් ෆවල් දිනයෙහි තේමාව ලෙස පැවති පැල ලක්ෂයක් රෝපනය කිරීම සංකේතවත් කරමින් රුක්රෝපනයක්ද සිදුකරන ලදි.