අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කල වීඩියෝ තාක්ෂණයෙන් රැඳවියන් බැහැදැකීමේ සහ පෙර වේලාවක් වෙන්කරගෙන රැඳවියන් බැහැදැකීමට පහසුකම් සලසා දී ඇති E-visit තොරතුරු පද්ධතිය දිවයිනේ සියළුම බන්ධනාගාරයන් තුල ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලැසුම් කර ඇත.

රැඳවියන් බැහැදැකීමට පැමිණෙන අමුත්තන් හට සිදුවන අපහසුතාවයන් මගහැරවීමත්, බන්ධනාගාර ආයතනයන් වල ආරක්ෂාව තහවුරු කරගැනීමත් අරමුණුකොටගෙන ආරම්භ කරන මෙම තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන් පුහුණු කිරීමේ තොරතුරු තාක්ෂණ පද්ධති පුහුණු වැඩසටහනක් 2020-02-18 දින බන්ධනාගාර මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම වැඩමුළුව මෙහෙයවීම හා සංවිධාන කටයුතු සහකාර අධ්‍යක්ෂ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ලසන්ත ගුණරත්න මහතා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර අශේන් මධුශංඛ මහතා විසින් සිදුකල අතර වැඩමුළුව සඳහා අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන එන්. සුරංජි විජයවර්ධන මිය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන කේ. මහතන්තිල මෙනවියද සහභාගී විය.

මේ සඳහා බන්ධනාගාර ආයතනයන්හි නිලධාරීන් සහභාගී වූ අතර මෙම තොරතුරු පද්ධතිය සියළුම බන්ධනාගාර ආයතනයන්හි 2020-02-22 දින සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.