කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මානව හිමිකම් අධ්‍යන කේන්ද්‍රයේ මානව හිමිකම් ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලාවන් නිම කල සිසුන් සදහා සහතික පත්‍ර ප්‍රදාන උත්සවය 2022.02.25 වන දින කොළඹ විශ්විද්‍යාලයේ විද්‍යා පීඨ පරිශ්‍රයේ නව කලාගාරයේදී  පැවැත්විණී‍.

එම උත්සව අවස්ථාව සදහා  ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා එන්.විජයරත්න මහත්මිය හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සහභාගි විය. බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ද කොළඔ විශ්ව විද්‍යාලය මාවනව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය සම්බන්ධීකරණයෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලය මගින් පවත්වන ලද මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව ජාත්‍යන්තර පාඨමාලාවේ ශාස්ත්‍රපති උපාධිය ලත් නිළධාරියෙකි.

මෙම අවස්ථාවට මානව හිමිකම් අධ්‍යන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත සෙනවිරත්න මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති ආචාර්ය එන්.එස්.පුංචිහේවා මහතා අතුඑ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් එක්ව සිටින ලදි.