බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ක්‍රිඩා හා විනෝද සංගමය මගින් බන්ධනාගාර නිලධාරීන් හා නිලධාරිණීයන් අතර ටෙනිස්  ක්‍රිඩාව ප්‍රචලිත කිරිමේ පුහුණු සැසියක් 2022.02.26 වන දින පෙරවරු 09.00  බන්ධනාගාර ටෙනිස් ක්‍රීඩා පිටියේදී  පවත්වන ලදි. මෙම පුහුණු සැසියේ අරමුණ වුයේ බන්ධනාගාර නිළධාරින් අතර ටෙනිස් ක්‍රිඩාව ප්‍රචලිත කිරීමත් ඉදිරියේ දී පවත්වන අන්තර් බන්ධනාගාර, රාජ්‍ය සේවා හා ජාතික තරග සදහා ක්‍රිඩකයන් සහභාගී කරවීමත්ය.

එම අවස්ථාව සදහා  ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තු ක්‍රීඩා හා විනෝද සංගමයේ ගරු සභාපති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් තුසිත උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් කේ.ඒ.එස් .කොඩිතුවක්තු මහතා, බන්ධනාගාර ටෙනිස් ක්‍රිඩා ලේකම්  බන්ධනාගාර අධිකාරී (අධ්‍යක්ෂ පුහුණු) සේනක පල්ලේතැන්න මහතා, ප්‍රවීන ටෙනිස් පුහුණුකරු ඉන්ද්‍රකුමාර ගණනාදන් මහතා හා ජේෂ්ඨ නිළධාරින් සහභාගී විය.

බන්ධනාගාර දෙපාර්ත‍මේන්තුවේ ටෙනිස් ක්‍රීඩාව සදහා උනන්දුවක් දක්වන නිලධාරී/නිලධාරිණීයන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම පුහුණු සැසිවාරය සදහා සහභාගී වු අතර, මෙහිදී පසුගිය අන්තර් බන්ධනාගාර ටෙනිස් තරගාවලියේ ජයග්‍රාහක ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් විසින් ප්‍රදර්ශනාත්මක තරගයක්ද පවත්වන ලදී. මෙම පුහුණු වැඩසටහන සතියේ සෑම සෙනසුරාදා දිනකම නිලධාරීන් සදහා පැවැත්විමට කටයුතු යොදා ඇත.