බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යංශයේ  ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය හා එක්ව දිවයින පුරා විසිරි ඇති බන්ධනාගාර ආයතන වලින්  තෝරා ගත්  බන්ධනාගාර සැරයන් නිලධාරීන් හා කාන්තා නිලධාරීණියන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සදහා H/I/V ( AIDS )  රෝග වැළැක්විම සදහා  ආරක්ෂිත ලිංගික ක්‍රමවේදයන් හා නිරෝගි ප්‍රජණනය වෙනුවෙන්  හැසිරිම වෙනස් කිරීමේ සන්නිවේදනය පිළිබඳව විශේෂ  වු වැඩමුළුවක්  2022.02.09, 10 හා 11 යන තෙදින තුල  බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේදී රටතුල පවතින කොව්ඩ් වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිර්දේශ කර ඇති  නිසි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන් වලට අනුකූලව  මෙම වැඩසටහන  ක්‍රියාත්මක විය.

මෙම වැඩසටහන තුලින් බන්ධනාගාර ගත රැදවියන්ට ලිංගාශ්‍රිත රෝග පිලිබඳ  දැනුවත් කිරීම හා එම රෝග වලින් ආරක්ෂා වීම පිලිබඳව දැනුම හා නිසි ක්‍රමවේදයන්  දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වෙයි. ඒ සදහා  පුහුණුව  ලබන නිලධාරී / නිලධාරිණියන් මගින් ආයතනික වශයෙන් පුනරුත්ථාපන අංශය හා එක්ව බන්ධනාගාරගත රැදවියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

බන්ධනාගාර නිලධාරින් දැනුවත් කිරීම  හා මෙලෙස පුහුනුකරුවන් පුහුණු කිරීමේ (Training Of Trainers Program ) වැඩසටහන් සැම මසකටම වරක් සෞඛ්‍ය අමාත්‍යංශය හා එක්ව සංවිධානය කරනු ලබන අතර, මෙදින වැඩසටහනේ සමාරම්භය සදහා ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි  මහත්මිය ඇතුළු ‍වෛද්‍ය කාර්ය මණ්ඩලය, බන්ධනාගාර කොමසාරිස් (පාලන/පුනරුත්ථාපන/මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා ,බන්ධනාගාර සහකාර අධිකාරී (පුනරුත්ථාපන) එන්.පි.එස්.දසනායක මහතා හා බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වුහ.