කොළඹ හුණුපිටය ගංගාරාම විහාරස්ථායේ වාර්ෂික නවම් පෙරහරට  සමගාමීව පැවැත්වෙන මල් පෙරහරේ දෙවැනි දිනය වු 2022.02.09 වන දින සංවිධාන කටයුතු  බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු වු අතර, එම අවස්ථාව සදහා සේසත් , බෞද්ධ කොඩි , නැටුම් කණ්ඩායම් ආදී විවිධ අංගයන්ගෙන්  විචිත්‍රවත්  වු පෙරහරක් සංවිධානය කර තිබුණී.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ‍ බන්ධනාගාර රැඳවියන් හා නිලධාරීන්ගේ දායකත්වයෙන් මෙම කටයුත්ත සිදු විය. එදින ධාතු කරඩුව වැඩමවීම බන්ධනාගාර මුලස්ථාන අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතාගේ  සුරතින් සිදු වු අතර ප්‍රධාන ජේලර් වජිර එදිරිසිංහ මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් ද සහභාගී විය.