බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පැවති අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ ආවරණය සඳහා 2020-12-24 දින බන්ධනාගාර කොමසාරිස් (බුද්ධි හා මෙහෙයුම්) තුසිත උඩුවර මහතා පත්කරනු ලැබීය. බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා අතින් එම පත්වීම ඒ මහතා වෙත පිරිනැමීමට කටයුතු කරන ලදී.

 

වසර 33කට අධික කාලයක් පුරාවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කල ඒ මහතා වැලිකඩ බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර රැසක අධිකාරි ලෙසද සේවය කළ අත්දැකීම් බහුල නිලධාරියෙකි. දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් මෙන්ම මලල ක්‍රීඩකයෙකු වන උඩුවර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවකු මෙන්ම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මානව සම්පත් කළමනාකරණ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා ධාරියෙකි.