බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේනතුව මගින් ලබා දෙන සේවාවන් සම්බන්ධව කාලීන තොරතුරු විනිවිදභාවයකින් යුතුව හා විශ්වාසනීයත්වයකින් සමාජ ගත කිරීමේ අරමුණැතිව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර ලෙස දැනට බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) ධූරයෙහි රාජකාරි සිදුකරන චන්දන ඒකනායක මහතා පත්කර තිබේ. ගරු. බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා විසින් එම පත්වීම 2020-12-16 දින බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා වෙත පිරිනැමීමට කටයුතු කරන ලදී.

වසර 30කට අධික කාලයක් බන්ධනාගාර සේවයේ අත්දැකීම් පවතින චන්දන ඒකනායක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යකු වන අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් හා සාම අධ්‍යයනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව හා රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ධාරියෙකි.