2021 නව වසරේ රාජකාරි ආරම්භ කරමින් අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම්ව කාර්යක්ෂමව හා ඵලදායී රාජ්‍ය සේවයකට කැපවන බවට ප්‍රතිඥාව සහ දිවුරුම කියවීම බන්ධනාගාර මූලස්ථානයේ සේවය කරන සියළුම සේවාවන්ට අයත් නිලධාරි / නිලධාරිනියන්ගේ සහභාගිත්වයෙන් 2021 ජනවාරි මස පළමුවන දින පෙරවරු 8.45 ට බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්වින.