වර්තමානයේ රට තුල පවතින ආහාර අර්බුදයට සහනයක් ලෙස බන්ධනාගාර ගත රැඳවියනගේ ශ්‍රම දායකත්වය ඵලදායි ලෙස යොදා ගනිමින්  ලංකාවේ සෑම බන්ධනාගාර ආයතනයකම සම්බන්ධ කර ගනිමින් “සරුසාර” සිපිරි ‍ගෙයින් ගෙවිබිමට ‍තේමාව යටතේ වගා කටයුතු ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත.

එම වගා ප්‍රවර්ධන වැඩසටනේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා 2022.06.23 වන දින පල්ලන්‍සේන තරුණ වරදකරුවන්ගේ විශෝදන පුහුණු මධ්‍යස්ථානය තුල සංචාරය කරන ලදී.

එම නිරික්ෂණ චාරිකාවේදී ගරු අමාත්‍යතුමා විසින් පල්ලන්සේන සිර කඳවුරේ පවත්වාගෙන යනු ලැබූ ඔසු උයනේ ඔසු පැලයක් රෝපණය කරමින්  නිරීක්ෂණ චාරිකාව ආරම්භ කරන ලදී. ඒ අතර කාබනික පොහොර ව්‍යාපෘතිය, කාබනික කෘමිනාශක ව්‍යාපෘතිය, කර්මාන්ත නිෂ්පාදන කුටිය, වගා භුමි යන ස්ථාන ගරු අමාත්‍ය තුමාගේ  විශේෂ අවධානයට හා පැසසුමට ලක් විය.

මෙම “සරුසාර” සිපිරිගෙයින් ගොවිබිමට වැඩසටහන යට‍‍තේ දිවයිනේ සියළුම බන්ධනාගාර වල කෘෂිකාර්මික කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර ඇති අතර, ඊට අමතරව බන්ධනාගාර භූමිය, නිල නිවාස භූමිය වගා කටයුතු සිදු කිරීමට කටයුතු කර ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම නිළධාරීන්ගෙන් හා ප්‍රාදේශිය කෘෂිකර්ම නිළධාරින්ගෙන් සහය ලබා ගෙන ඇත. විශේෂයෙන් බන්ධනාගාර නිලධාරීන්‍‍ගේ පුද්ගලික නිවාස වල වගා කටයුතු ප්‍රවර්දනය සඳහා අවශ්‍ය දැනුම හා සහන මිලට බීජ හා පොහොර ලබා දීමට සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවට සහභාගී වු අමාත්‍යතුමන් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ‍පෞද්ගලික අංශයට ද ආරාධනා කළ අතර, ජාතික වශයෙන් මෙය ඉතා වැදගත් වැඩසටහනක් බව පවසන ලදී.

එම විශේෂ අවස්ථාව සදහා  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ආමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටි.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන  හා මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) මලීන් ලියනගේ මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) කේ.කේ.එස් කොඩිතුවක්කු මහතා, පල්ලන්සේන සහකාර බන්ධනාගාර අධිකාරී සුභාෂ් නිලංග උපුල්දෙණිය මහතා, ප්‍රධාන ජේලර් ඩී.ඒ.ඒල්.පී.පෙරේරා මහතා ඇතුළු බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි විය.