රට තුළ  උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්වයෙන් මිදීමටත් ,  රෝගයට ගොදුරු වී සිටින  බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරී/නිලධාරීනියන් හා ඔවුන්ගේ පවුල්වල සැමටත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමා ප්‍රමුඛ සමත්ථ කාර්යමන්ඩලයටත් ,බන්ධනාගාරගත වි සිටින සියලුම නේවාසිකයන්ටත් නිදුක් නිරෝගි සුවය පතා  සෙත් පැතිම අරමුණ කර ගනිමින්  සමස්ථ ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පිරිත් සජ්ඡායනය  මෙවර ද  රට තුළ පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයනට   අනුකූලව බන්ධනාගාර ධර්මෝපදේශක ගාලුකෝරලේ අධිකරණ සංඝනායක ආනන්දාරාමාධිපති ගම්මැද්දේගොඩ විමල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නයේ  සහභාගිත්වයෙන් 2022.02.03 වන දින පස්වරු 06.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා බන්ධනාගාර මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

එම අවස්ථාව සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ,අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටි.අයි.උඩුවර මහතා , බන්ධනාගාර කොමසාරිස් (පාලන /පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) කේ.ඒ.එස්. කොඩිතුවක්කු මහතා බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) මලීන් ලියනගේ මහතා, බන්ධනාගාර මුලස්ථාන අධිකාරී ජගත් වීරසිංහ මහතා  ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් මෙම පුන්‍ය කටයුත්ත සදහා සහභාගි විය.