නේවාසිකයන්ගේ කලා කුසලතා ඔප් නැංවීමත්, රැදවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීමේ පරමාර්තය ඇතිව නේවාසික උඩරට නැටුම් කණ්ඩායම සදහ‍ා නවක නේවාසිකයන් දස දෙනෙකු (10) 2022.11.05 දින හිස වෙස් තැබීමේ උත්සවය වැලිකඩ බන්ධනාගාරයේදී සිදුකරන ලදී. මෙම නර්තන ශිල්පීන් පුහුණු කිරීම බන්ධනාගාර පුනරුත්ථාපන අංශයේ නිලධාරීන් හා පුහුණු නේවාසිකයින් මගින් සිදුකරන ලද අතර, සිරකරු සුභසාධක සංගමයේ අනුග්‍රහයෙන් සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර ක‍ොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (පාලන හා මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය පීඨයේ කථිකාචාර්ය නීල් සේනානායක මහතා, වැලිකඩ බන්ධනාගාර අධිකාරී යු.බී.වලිසුන්දර මහතා, සිරකරු සුභසාධක සංගමයේ සාමාජික සාමාජිකාවන් හා නවක නර්ථන ශිල්පීන්ගේ ඥාතී‍න්‍‍ ඇතුළු බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය.