බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරීන් හට රාජකාරියට අදාල මූලික බුද්ධි පුහුණු පාඨමාලාවක් කරන්දෙනිය යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා පුහුණු පාසලේදී පවත්වන ලදී.

2021-04-19 දින ආරම්භ කල මෙම පුහුණුව අධියර තුනක් යටතේ නිලධාරීන් 88 දෙනෙකු සඳහා එක් කණ්ඩායමකට දින පහක පුහුණුවක් ලෙස කණ්ඩායම් තුනක් සඳහා පුහුණු වැඩමුළු තුනක් පවත්වන ලදී.

පුහුණු දැනුම ලබාදීම හා ක්‍රියාකාරකම් යුධ හමුදා සම්පත්දායකත්වයෙන් පැවති අතර බුද්ධි තොරතුරු වර්ධනය, න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුලුව දින 15 ක් පුරා පැවති මෙම පුහුණු පාඨමාලා සාර්ථකව නිමාකරන ලද සියළු නිලධාරීන් හට සහතික පත් ප්‍රදානය හා පාඨමාලාවේ සමාප්ති උත්සවය 2021-05-07 දින කරන්දෙනිය යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා පුහුණු පාසලේදී පැවැත්විය. මේ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, කර්නල් ටී.ටී.පී. සිරිවර්ධන ආර්.එස්.පී. සේනාවිධායක, සහකාර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මහතා හා යුධ හමුදා පුහුණු පාසලේ උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.