වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, මැගසින් බන්ධනාගාර ඇතුලු කොළඹ බන්ධනාගාර පරිශ්‍රය හොරණ මිල්ලෑව ප්‍රදේශයට නවීන පහසුකම් වලින් සපිරි බන්ධනාගාර පරිශ්‍රයක් ලෙස ගෙන යෑමට පසුගිය දා සියළු වැඩකටයුතු ආරම්භ කරන ලදී.

එම වැඩකටයුතු වල නව ප්‍රගතිය හා ගැටළු පිළිබඳවත්, ඉදිකිරීම් සිදුවන ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීම සඳහා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමන්ගේ ප්‍රධානත්ව‍යෙන් අදාල නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් 2021-06-04 දින සිය අමාත්‍යංශයේදී සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ගරු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී. ආර්. සිල්වා මහතා හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සහභාගී වූ අතර අධිකරණ ආමාත්‍යංශය, බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.