2021-04-20 වන දින ගරු බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමන් වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ සංචාරයක් සිදුකරන ලදි. සිංහල හා හින්දු අළුත් අවුරුදු උදාවෙන් පසු එතුමන් එක්වූ පළමු බන්ධනාගාර සංචාරය මෙය විය.

 

මෙහිදී වැලිකඩ බන්ධනාගාරය තුල ඇති මුලුතැන්ගෙය, චැපල් අංශය, බේකරි අංශය හා එල්ලුම් ගහ පරිශ්‍රය යන ස්ථාන එතුමන් විසින් නිරීක්ෂණය කල අතර එම අංශයන් ක්‍රියාත්මක වන ආකාරයත් එහි ඇති ගැටළු පිළිබඳවත් අවධානය යොමුකරන ලදී.

 

මීට අමතවර දීර්ඝ කාලීන සිරකරුවන් සමඟ එතුමන් සාකච්ඡා කල අතර සිරකරුවන් විසින් ඔවුන්ගේ දඬුවම් කාලයන් හා සමාවන් ලබාගැනීම පිළිබඳව ඇති ගැටළු හා එම ක්‍රමවේදයන් පිළිබඳව විමසන ලදී. එහිදී දීර්ඝකාලීන සිරකරුවන් හට සිව්වස් සමාලෝචනය ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවත්, ඉදිරියේදී බොහෝ සිරකරුවන් යහපත් කල්ක්‍රියාව හා දීර්ඝ කාලීන සිරගතවී සිටීම මත ඔවුන් වෙත පොදු සමාව ලබා දී නිදහස් කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්ත වන බව ද ප්‍රකාශ කරන ලදී.

 

මෙම සංචාරය සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. අයි. උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) කේ.ඒ.එස්. කොඩිතුවක්කු මහතා, වැලිකඩ බන්ධනාගර අධිකාරි ගාමිණී දිසානායක මහතා ඇතුල වැලිකඩ බන්ධනාගාරයේ ඉහල නිලධාරීන් හා සෙසු නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.